මන්ත්‍රීවරයෙක් ලෙස සචින්ට හිමි වූ වැටුප් අගමැතිගේ සහන ගිණුමකට
- 2018-04-04 16:21:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය රාජ්‍ය සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර් සිය මන්ත්‍රී ධුරය දැරීම වෙනුවෙන් හිමි වූ සියලු මුදල් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහන ගිණුමක තැන්පත් කිරීමට කටයුතු කර තිබේ.
සචින් තෙල්ඩුල්කාර් අවුරුදු 6ක කාලයක් ඉන්දීය මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ අතර, එම කාලය තුළදී ඔහුට වැටුප් හා දීමනා ලෙස ඉන්දීය රුපියල් ලක්ෂ 90ක පමණ මුදලක් හිමිවිය.
සචින්ගේ ධුර කාලය පසුගියදා නිම වූ අතර, ඔහු එම කාලය තුළදී දේශපාලනයට සම්බන්ධ නොවී ස්වාධීන පුද්ගලයෙක් ලෙස ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ඔහු කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් සචින්ගේ ධුර කාලය තුළදී ඔහුට පාර්ලිමේන්තු සැසිවාර සඳහා බොහෝ විට සම්බන්ධ වීමට නොහැකිවූ අතර, ඒ හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී ඔහු විවේචනයට බඳුන් විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments