මහේලගේ මුම්බායි අවසන් තරගයට
- 2019-05-08 12:56:51
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනිටම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩයම සමත්විය. ඒ අවසන් මහ තරගය වෙනුවෙන් සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැති පළමු තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමිනි.
චෙන්නායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 131ක් රැස්කිරීමට සමත්වූයේ. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 18.3කදී කඩුලු 4ක් දැවී ඉල්ක්කය පසුකර යෑමට සමත්විය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධනය කටයුතු කරයි. මුම්බායි කණ්ඩායමට ක්‍රීඩා කරන ලසිත් මාලිංග මෙම තරගයේදී පන්දුවාර 3ක් යොමුකර ප්‍රතිවාදීන්ට ලකුනු 26ක් ලබාදුන්නත් ඔහුට එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකිවිය.
අයි.පී.එල්. අවසන් මහ තරගය එළැඹෙන 12 දා හයිද්‍රාබාද්හි පැවැත්වීමට නියමිතය.
අවසන් මහ තරගයට ක්‍රීඩ කරන අනෙක් කණ්ඩායම තෝරා ගැනීම සඳහා තවත් තරග දෙකක් පවතී. ඒ අනුව අද රාත්‍රියේදි දිල්ලි කණ්ඩායම හා හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එළැඹෙන 10 දා චෙන්නායි කණ්ඩායහ හා තරග කිරීමට නියමිතය. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම මුම්බායි සමගින් අවසන් මහ තරගයට ක්‍රීඩා කිරිමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments