මහේල උඩවත්ත ටෙස්ට් කණ්ඩායමට නම් කරයි
- 2018-05-14 15:45:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර කොදෙව්හිදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට මහේල උඩවත්ත නම් කර ඇත. මහේල උඩවත්ත මේ දක්වා ටෙස්ට් තරගයට ක්‍රීඩා කර නොමැති අතර ඔහු අවසන්වට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේද 2008 වසරේදීය. 2017 වසරේදී ඔහු විස්සයි20 පිටියට එක්විය.
මෙම තරගාවලියට ආබාධවලට ලක්ව ඇති ඇන්ජලෝ මැතිව්ස් හා සුරංග ලක්මාල් නම් ඇතත් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුව තරග සඳහා ක්‍රීඩා කිරීම තීරණය වෙනු ඇත.
කුසල් මෙන්ඩිස් හා කුසල් පෙරේරා කණ්ඩායමට කැඳවා ඇති අතර උපුල් තරංගට කණ්ඩායමේ ස්ථානය හිමිව නොමැත. ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය මැයි 26 දා සිට ජුනි 28 දා දක්වා ක්‍රියාත්මක වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments