මාලිගේ අවසන් තරගයේ ප්‍රවේශපත්‍ර අවසන්
- 2019-07-25 16:24:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව හා බංග්දේශය අතර හෙට (26දා) පැවැත්වෙන පළමු එක්දින තරගයේ සියලු ප්‍රවේශපත් මේ වනවිට අලෙවී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. මෙම තරගාවලියේ පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංග ප්‍රකාෂ කිරීම මෙම තත්ත්වය උත්ගතවීමට ප්‍රධාන හේතුවක් විය.
කෙසේ නමුත් දෙරට අතර දෙවැනි සහ තෙවැනි එක්දින තරගවල ප්‍රවේශපත්‍රද සීමිත සංඛ්‍යාවක් පමණක් පවතින බව වාර්තා වේ. එක්දින තරග ප.ව. 2.30ට ආරම්භ වන අතර, තරග නැරඹීම සඳහා ඇතුළුවීමේ දොරටු ප.ව. 12.30 සිට විවෘතව ඇති බව ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.
මේ අතර තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් පසුපස රැගෙන යන ගමන් මළු/උරපොදි ( Backpacks), නලා ( Portable horns and hooters) හා වීදුරු බෝතල් රැගෙන ඒමෙන් වළකින ලෙසද ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments