මැතිව්ස් හා කුසල් ශ්‍රී ලංකාව ස්ථාවර කරති
- 2020-01-22 13:52:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි දිනට ඊයේ (21දා) තරගය නතර කරන විට කඩුලු 04ක් දැවී ලකුණු 295ක් රැස් කරගෙන සිටියේය.
ඒ අනුව ඔවුහු සිම්බාබ්වේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 63ක් පසුපසින් සිටිති. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 92ක් හා ධනංජය ද සිල්වා ලකුණු 42ක් ලබා සිටිති. සිම්බාබ්වේ දේශයේ ප්‍රධානම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ඉනිම ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 42ක් ලබා සිටි අතර, දිමුත් කරුණාරත්න ලකුණු 12ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 06ක් රැස් කරගෙන කඩුල්ලේ රැඳී සිටියහ. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 50ක් එක්කළ අතර, මුළු ලකුණු 92දී ලකුණු 37ක් රැස් කරගෙන සිට දිමුත් දවා ගැනීමට වික්ටර් යාවුචි සමත් විය. ඈෂ්ලි ඩොල්වොවු අතට උඩපන්දුවක් ලබාදීමත් සමග දිමුත්ගේ ඉනිම අවසන් විය.
කෙසේ නමුත් ඉන් අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක්වූ කුසල් මෙන්ඩිස්, තෙවැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් පැවැත්වූහ. එහිදී මුළු ලකුණු 184ක් වන විට ලකුණු 80ක් රැස් කරගෙන සිටි කුසල්, කඩුලු රකින බ්‍රෙන්ඩන් ටේලර් වෙත උඩපන්දුවක් ලබා දී පිටියෙන් ඉවත්ව ගියේය. කුසල්, ටෙස්ට් අර්ධ ශතකයක් වාර්තා කළේ ඉනිම් 07කට පසුව වීම සුවිශේෂී වෙයි. මෙය කුසල්ගේ 11 වැනි ටෙස්ට් අර්ධ ශතකය විය.
කෙසේ නමුත් කුසල්ගෙන් පසු පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්ට වැඩිවේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ෂෝන් විලියම්ගෙන් ඉඩක් නොලැබුණි. චන්දිමාල් ලකුණු 12ක් රැස් කරගෙන සිටියදී විලියම්ස් අතටම උඩපන්දුවක් ලබා දී දැවී ගියේය. චන්දිමාල් දැවීයාමත් සමග ශ්‍රී ලංකා ලකුණු පුවරුව 227/4ක් ලෙස සටහන් විය.
මෙහිදී මැතිව්ස් සිය අත්දැකීම් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා මැදපෙළ ශක්තිමත් කළ අතර, දිනය නිමාවන විට ධනංජය ද සිල්වා සමගින් එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 68ක සබඳතාවක් පවත්වාගෙන සිටියහ. තම දසවැනි ටෙස්ට් ශතකය අභිමුව සිටින මැතිව්ස් ඊයේ වාර්තා කළේ 35 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. ඔහු අර්ධ ශතකයක් වාර්තා කළේ ඉනිම් 06කට පසුව වීමද කැපී පෙනේ.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 146කදී සියලුදෙනා දැවී ලකුණු 349ක් රැස් කිරීමට සමත් විය. ක්‍රේග් අර්වින් (85), කෙවීන් කසුසා (63) හා ප්‍රින්ස් මෙස්වාර් (55) අර්ධ ශතක රැස් කර ඉනිම ඔසවා තැබූහ.
සිම්බාබ්වේ පළමු ඉනිම 349/9 (පන්දුවාර 146)
ක්‍රේග් අර්වින් 85 (187,4x5, 6x3), කෙවීන් කසුසා 63 (214, 4x5, 6x1), ප්‍රින්ස් මෙස්වාර් 55 (149, 4x7), ඩොනල්ඩ් තිරිපානෝ 44 (103, 4x4), ලසිත් ඇඹුල්දෙණිය 5/114 (42), සුරංග ලක්මාල් 3/53 (27)
ශ්‍රී ලංකා පළමු ඉනිම 295/4 (පන්දුවාර 106)
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 92 (253,4x7, 6x2), කුසල් මෙන්ඩිස් 80 (163,4x8), ධනංජය ද සිල්වා නොදැවී 42 (73,4x5), දිමුත් කරුණාරත්න 37 (78,4x4), ඕෂධ ප්‍රනාන්දු 21 (41,4x2), වික්ටර් යාවුචි 2/38 (22), ඩොනල්ඩ් ටිරිපානෝ 1/51 (20)
Reply To:
Name - Reply Comment
0 Comments