Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව තෝරාගැනෙන මීටර 100 අවසන් තරගයට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූවත්, ඉසව් ද්විත්වයේම රන් පදක්කම් ශ්‍රී ලංකාවට අහිමි විය.

පිරිමි මීටර් 100 අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන්ට රිදී පදක්කමෙන් සැහීමට සිදු විය. එමෙන්ම කාන්තා මීටර් 100 අවසන් තරගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගි වූවත්, එහිදී ලක්‍ෂිකා සුගන්දිට රිදී පදක්කමත් අමාෂා ද සිල්වා ලෝකඩ පදක්කමත් හිමිවූවාය.

මීටර 100 ඉසව්ව යනු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ගෞරවණීය ඉසව්වක් වන අතර, වසර ගණනාවක් කාන්තා හෝ පිරිමි එක් ඉසව්වක හෝ ශ්‍රී ලංකාව රන් පදක්කම ජයග්‍රහණය කර තිබුණි. කෙසේ නමුත් වසර ගණනාවක් පවත්වාගෙන ආ එම ගෞරවණීය අභිමානයක් අද (03දා) බිඳවැටුණි.

මෙවර ක්‍රීඩා උළෙලේ වේගවත්ම ක්‍රීඩකයා මාලදිවයිනටත්, වේගවත්ම ක්‍රීඩිකාව ඉන්දියාවටත් හිමිවිය.

අවසන් වරට 2016 වසරේ පැවති ඉන්දියාවේ පැවති ක්‍රීඩා උළෙලේ වේගවත්ම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන් හා රුමේෂිකා රත්නායක සම්මාන දිනාගත්හ.

2016 වසරේ බංග්ලාදේශයේ පැවති ක්‍රීඩා උළෙලේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ ශෙහාන් අබේපිටිය සම්මාන දිනාත්තේය. 2006 වසරේ ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියේ උමංග සුරේන්ද්‍ර හා සුසන්තිකා ජයසිංහ වේගවත්ම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්හ.

2004 වසරේ පාකිස්තානයේ පැවති තරගාවලියේදී ජානි චතුරංග වේගවත්ම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. මෙලෙස අතීතයේ සිට කෙටිදුර ධාවන ඉසව්වේ ශ්‍රී ලංකාවට යම් ඒකාධිකාරයක් හිමිව තිබුණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.