යසීර් ෂා වේගයෙන්ම කඩුලු 200ට
- 2018-12-06 14:40:41
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ටෙස්ට් ක්‍රිකට් අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 200ක් බිඳ දැමූ ක්‍රීඩකයා බවට පාකිස්තානයේ යසීර් ෂා අද (06දා) වාර්තා අතරට එක්වීය.
ඒ නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තානය අතර අබුඩාබි හි පැවැත්වෙන ටෙස්ට් තරගයේදීය.
යසීර් තරග 33කදී ටෙස්ට් කඩුලු 200 පසුකළ අතර ඊට පෙර එම වාර්තාවට තරග 36කදී ටෙස්ට් කඩුලු 200ක් දවාගත් ඔස්ට්‍රේලියාවේ ක්ලැරී ග්‍රිමෙට්ය.
ඒ අනුව යසීර් ෂා බිඳ දැමුවේ වසර 82ක් පැරණි වාර්තාවකි. ඔහු ටෙස්ට් තරග 37කට ක්‍රීඩා කරමින් කඩුලු 216ක් දවාගෙන තිබේ.
ක්ලැරි මෙන්ම යසීර්ද පාදඟ පන්දු යවන්නේ වෙයි. ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට එම සීමාව පසුකර යෑමට තරග 42ක් වැය වී තිබේ.
	
Reply To:
Name - Reply Comment
0 Comments