Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

යුද්ධ හමුදාවේ දක්ෂතම අසරුවන් පස්දෙනා අතරින් දියතලාව යුද්ධ හමුදා තුරඟ තරඟ සමාජයේ සාමාජික තුරඟ තරඟකරුවන් තිදෙනෙකු, ශ්‍රී ලංකා තුරඟ තරඟ සංගමය (Sri Lanka Equestrian Association) විසින් මහනුවරදී පවත්වනු ලැබූ කඳුකර තුරඟ ධාවන තරඟාවලියේදී පිරිනමනු ලබන කුසලාන 5 න් තුනක්ම දිනාගැනීමට සමත්වී ඇත. ජයග්‍රාහී යුද්ධ හමුදා අසරුවන් ප්‍රථම වතාවට එවැනි කඳුකර තුරඟ තරඟාවලියක් (Cross Country) සඳහා සහභාගී වූ අයවළුන් බවද වාර්තා වේ.

නුවර වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රීඩාංගනයේ සහ කන්ට්‍රි රිසෝට් (Victoria Golf and Country Resort) හී ඉරිදා දින (01) පැවැත්වූ තරඟයන්හිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා තුරඟ අංශයෙහි ප්‍රධානී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා මේජර් රෝහණ උඩරටගේ ඇතුළු යුද්ධ හමුදා තුරඟ තරඟකරුවන් 5 ක් මෙසේ ජයග්‍රාහී කුසලාන 5 න් 3 ක්ම දිනාගැනීමට සමත්වී තිබේ.

‘අබා’ අශ්වයා සමගින් තරඟ වැදුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබළ ඩී.බී.කේ. අබේවික්‍රම තරඟයේ ප්‍රථම ස්ථානය ද, ‘ප්‍රවේග’ අසු සමඟ තරඟ වැදුණු යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ රෝහක සෙබල එච්.එල්.එස්. සුරංග සහ ‘දනුජ’ අසු සමගින් තරඟ වැදුණු යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවේ බොම්බඩියර් කේ.ඩී.එස්. නවරත්න පිළිවෙලින් තරඟයේ 4 වන සහ 5 වන ස්ථාන අත්කරගන්නා ලදි.

ශ්‍රී ලංකා තුරඟ තරඟ සමාජය (SLEA) වර්ෂ 2003 දී ආරම්භ කිරීමෙන් අනතුරුව මේ වනවිට තරඟ 20 ක් පමණ ප්‍රමාණයක් විටින් විට පවත්වා ඇති අතර, ඔවුන් කඳුකර තුරඟ තරඟයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වේ. යුද්ධ හමුදා තුරඟ තරඟකරුවන් යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදෙමින් එහිදී විශිෂ්ඨ ජයක් ලබාගෙන ඇත.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න විසින් යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මෙම තරඟය සඳහා යුද්ධ හමුදා අසුන් සහභාගී කරවීමට පියවර ගෙන තිබුණි.

මහනුවරදී පැවැත්වූ මෙම තරඟයේදී තරඟ අසරුවන්ට පිමි 10 ක් පැන්නීම සිදුකල යුතුවූ අතර, කිලෝමීටර 2 ½ ක් දුරැති බාධක තරඟය විනාඩි 15 ක කාලයක් තුලදී නිමකල යුතුව තිබුණි. මෙම තුරඟ තරඟ ක්‍රමවේදය හඳුන්වාදීමක් වශයෙන් ශ්‍රී ලංකා තුරඟ තරඟ සංගමය (SLEA) විසින් තරඟයේ දී අසුන් පථ 25 ක් ඔස්සේ ධාවනය කරවීමට අවස්ථාව සලසා තිබුණි.

තුරඟ තරඟ ඔලිම්පික් ක්‍රීඩාවන්ට ද ඇතුලත් වන අතර, ‘කඳුකර තුරඟ තරඟ පැන්නුම්’ එම ක්‍රීඩාවේ ත්‍රිවිධ ප්‍රයාම අතරින් ‘ජවය (endurance) මනිනු ලබන ක්‍රමවේදයක් වේ. කඳුකර අසරු තරඟ (Cross country), දඩයම් අවස්ථාවන් (hunter trials) ලෙසින් ද හැඳින්වෙන මෙම ක්‍රීඩා අවස්ථාවන් ප්‍රධාන වශයෙන් දේශීය තරඟවලදී පැවැත්වුවද අඩු මට්ටමකින් සිදුවන තරඟ ඉසව්වකි.

(යුදහමුදා මාධ්‍ය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.