Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය නොවැම්බර් 22 සිට 24දා දක්වා හෝමාගම දියගම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව  ශ්‍රී යුද හමුදාව පවසයි. 

එහිදී රට වෙනුවෙන් යුද වැදී නොයෙකුත් අබාධිත තත්වයන්ට පත්වූ රණවිරුවන් තම ක්‍රීඩා කුසලතාවයන් විවිධ ක්‍රීඩා ඉසව් ඔස්සේ ප්‍රදර්ශනය කරනු ඇති අතර මෙවර ප්‍රථම වතාවට විදේශීය ක්‍රීඩකයන්ද  මෙම තරගාවලියට සහභාගි වේ.

මේ වර්ෂයේ මෙම තරගාවලිය සඳහා රෝද පුටු පැසිපන්දු තරග ඉසව්වද සමගින් බැඩ්මින්ටන්, පාපැදි ධාවන, රෝදපුටු මැරතන් ධාවන, දුනු විදීම, බර ඉසිලීම, වොලිබෝල්, වොලිබෝල් (වාඩිවී), වෙරළ වොලිබෝල්, මේස පන්දු, ක්‍රිකට්, පිහිනුම්, රෝදපුටු ටෙනිස්, වායු රයිෆල් වෙඩිතැබිම සහ මළල ක්‍රීඩා ඉසව් පසුගිය මස 2 ක පමණ කාලයක සිට පැවැත්වූ අතර ජවන හා පිටිය තරග ඉසව් 21 ක් අවසන් දින තුනේදී පැවැත්වීමට නියමිතය.  යුද්ධයේදී විවිධ ආබාධයන්ට ලක්වූ 800 කට අධික රණවිරුවන් පිරිසක් මෙවර තරගාවලියට සහභාගි වීමට නියමිතය. යුද්ධ හමුදා “අබාධිත රණවිරු ක්‍රීඩා” නමින් 1991 වර්ෂයේදී ආරම්භ කෙරුණු මෙම ක්‍රීඩා තරගාවලිය 2010 වර්ෂයේ සිට ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල ලෙස නම් කෙරුණි.

(රජයේ නිල පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.