යුද හමුදා හොකි ජය පකිස්තානු හමුදා පිලට
- 2016-12-14 14:07:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා යුද හමුදා පිල හා පකිස්තානු යුද හමුදා පිල අතර පසුගිය සති අන්තයේදී මාතලේදී පැවති සුහද හොකි තරගයේදී ගෝල් 2-1 ක ජයක් වාර්තා කිරිමට පකිස්තානු යුද හමුදා පිල සමත්වුහ. දිවයිනේ සංචාරයකට එක්ව සිටින පකිස්තානු යුද හමුදා හොකී පිල ශ්‍රී ලංකා යුධ හමුදා පිල සමග පැවති මෙම දෙවන හොකි තරගය පසුගියදා මාතලේ එඩ්වඩ් හොකි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරගයේදී පකිස්තානු පිල වෙනුවෙන් නොමාන් ඛාන් සහ හබීබ් රෙහිමාන් ගෝල් වාර්තාකළ අතර ශ්‍රී ලංක පිල වෙනුවෙන් එකම ගෝලය වාර්තා කළේ ධම්මික රණසිංහ විසිනි. මෙම තරගයේදී පකිස්තානු පිල මුසම්මිල් හක් විසින් ද ශ්‍රී ලංකා යුධ හමුදා පිල මදුරංග විජේසිංහ විසින්ද මෙහෙයවුහ. මෙම තරගය ඩී.ආර්.බි. දිසානායක, දුමින්ද පෙරේරා සහ අජිත් මංජුල යන විනිසුරුවන් විසින් විනිශ්චය කළහ. ශ්‍රී ලංකා යුද හමුදා හොකි සංගමයේ සභාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තරගයේ දී දක්ෂතම හොකි ක්‍රීඩකයා ලෙස පකිස්තානු පිලේ හබීබ් රෙහිමාන් සම්මාන ලැබිය. ප්‍රධාන පෙලේ කණ්ඩායම් දෙකක් අතර දිගු කලකට පසු මාතලේ හොකි පුරවරයේදී පැවති මෙම තරගය වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති අතර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් උසස් අයුරින් සංවිධානය කර තිබුණි.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments