රංගන ටෙස්ට් දිවියෙනුත් සමුගැනීමට යයි
- 2018-07-11 15:04:10
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය තම අවසන් ජාත්‍යන්තර තරගාවලිය වෙනු ඇතැයි රංගන හේරත් පවසයි.
බී.බී.සී. සිංහල පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ඕනෑම ක්‍රිඩකයෙකුට ක්‍රීඩාව නවත්වන්න කාලයක් එනවා. මමත් හිතනවා මමත් ඒ වගේ තීරණයකට එන්න ඕන කාලයට තමයි ඇවිත් තියෙන්නේ.
දකුණු අප්‍රිකානු තරගාවලිය අවසන් වුණාට පස්සේ මම කණ්ඩායමේ නායකයා, පුහුණුකරු ඒ වගේම තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ක සාකච්ඡා කරලා අනිවාර්යයෙන් තීරණයක් ගන්නවා.
සමහර විට මගේ අවසන් තරගාවලිය ඉදිරියේ පැමිණෙන එංගලන්ත තරගාවලිය වෙන්න පුළුවන්. ඒකටත් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පස්සේ මාස තුනක කාලයක් තියෙනවා.”
දකුණු අප්‍රිකානු තරගාවලියට සූදානම් බවත් සිය අතේ ඇතිවූ ආබාධය සුවවී ඇති බවත් රංගන පැවැසීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කාලයක් ටෙස්ට් ක්‍රිඩා කළ ක්‍රීඩකයා වන්නේ රංගන හේරත්ය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments