රුහුණු - මායා සටන ජයපැරදුමින් තොව නිමයි
- 2019-04-09 11:51:19
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අටවැනි වරට පැවැති රුහුණු - මායා ක්‍රිකට් තරගය ජය පැරදුමින් තොරව නිමාවට පත්වූ අතර, පී.සරා ඕවල් පිටියේදී පසුගියදා (06දා) නිමාවට පත් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ධර්මපාල ක්‍රීඩකයන් සිය පළමු ඉනිමට කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 378ක් ලබාගත්හ.
එහිදී චමිඳු සමරසිංහ ශතකයක් (104) වාර්තා කළේය. ඊට අමතරව අමිල ඩයනක (69), නවිඳු නවීන් (56), අවිශ්ක හසරින්ද (52) හා දුලාජ් එගොඩගේ (51) අර්ධ ශතක වාර්තා කළහ.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ රාහුල ක්‍රීඩකයෝ සියල්ලන් දැවී ලකුණු 330ක් රැස් කළහ. රාහුල ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට යෑමට අඩිතාලම සකස් කළ සසිත් මනුරංග ලකුණු 141ක් රැස් කළේය. ඊට අමතරව තරිඳු රාජපක්ෂ ලකුණු 97ක් රැස් කළේය.
ධර්මපාල විදුහල වෙනුවෙන් සංචන ලංකා හා කාවින්ද නිශාන් කඩුලු 3 බැගින් බිඳ හෙළීය. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ධර්මපාල ක්‍රීඩකයෝ තරගය ජය පැරදුමින් තොරව නිමාවට පත්වන විටදී කඩුලු 2ක් දැවී ලකුණු 44ක් රැස් කරගෙන සිටියහ.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම - 378/5 (පන්දුවාර 71)
චමිඳු සමරසිංහ 104, අමිල ඩයනක 69, නවිදු නවීන් 56, අවිශ්ක හසරින්ද 52 පසිඳු අවිශ්ක 2/68
මාතර රාහුල විද්‍යාලය පළමු ඉනිම 330 (96.1)
සසිත් මනුරංග 141, තරිඳු රාජපක්ෂ 97, සංචන ලංකා 3/24, කාවින්ද නිශාන් 3/45
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය 44/2 (6.4)
නවිදු නවීන් 35(නොදැවී), සසිත් මනුරංග 2/24
Reply To:
Name - Reply Comment
0 Comments