රෝදර්හැම් මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය
- 2017-10-25 11:36:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වාර්ෂිකව පවත්වන රෝදර්හැම් මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය පසුගිය සතිඅන්තයේ දී සුපුරුදු පරිදි කටුකුරුන්ද ධාවන පථයේ දී පවත්වනු ලැබීය. වර්තමානයේ සිටින සුපිරි මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලිය මෙවර සංවිධානය කරනු ලැබූවේ ස්ලාඩා සංගමය විසිනි.
මෙවර තරගාවලියට තරග ඉසව් 17ක් ඇතුළත්ව තිබුණ අතර, ඉන් බොහෝ ක්‍රීඩාලෝලීන් පිරිසකගේ අවධානය යොමු වූයේ තරග වට 22කින් සමන්විත සුපර් කාර් හා GP මොටෝ රේස් තරග ඉසව් ද්විත්වය වෙතය. වට 22කින් යුත් සුපර් කාර් තරග ඉසව්ව ජයගත් සජාඩ් සුහයිර් මෙවර රෝදර්හැම් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස සම්මාන දිනාගත් අතර, GP මොටෝ රේස් තරග ඉසව්ව ජයගත් ෂොයෙල් ඩැනියෙල් දක්ෂතම යතුරුපැදි ධාවකයා බවට පත් විය.
එමෙන්ම මේ වසරේ පැවැති පන්නල සුපර් ක්‍රොස් තරගාවලියෙන් පසුව ෆෝමියුලා ධාවන තරගයක් කටුකුරුන්ද ධාවන පථයේ දී පවත්වනු ලැබීය. මෙම තරගයේ ජය හිමි වූයේ බ්‍රයන් පෙරේරාටය. ඔහු පළමු තැන දිනාගනිද් දී දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් කෙවින් පෙරේරා හා චන්දිම ගුණරත්න ජයග්‍රහණය කළහ. සුපිරි මෝටර් රථ ධාවක උෂාන් පෙරේරා මෙම තරගාවලියේ දී තරග ඉසව් දෙකක් ජය ගෙන කැපී පෙනෙන දක්ෂතා ඉදිරිපත් කරනු ලැබීය. යතුරුපැදි අංශයේ ශූරතාව දිනාගත් ෂොයෙල් ඩැනියෙල්ට වටිනා යතුරුපැදියක්ද පිරිනමනු ලැබීය.
ඡායාරූප- චානුක කුලසේකර
Reply To:
Name - Reply Comment
0 Comments