Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රෝස පැහැති පන්දුවෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු වැනි ක්‍රිකට් තරගය ලබන මස 4 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරගයක් වන මෙම තරගය සිවුදින තරගයකි.

කෙසේ වෙතත් මෙය දිවා තරගයක් වන අතර දර්ශන තිරය කළු පැහැයෙන් පවතිනු ඇත.

රෝස පැහැ පන්දුවෙන් පළමු පෙළ ක්‍රිකට් තරග පැවැත්වීම ලෝකය පුරාම මේ වන විට ව්‍යාප්ත වෙමින් යන්නකි. රෝස පැහැ පන්දුව හඳුන්වා දෙන ලද්දේ ටෙස්ට් තරග දිවා/රාත්‍රී තරග ලෙසින් ජනප්‍රිය කරවීමේ අරමුණ ඇතිවය.

ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර පසුගිය වසරේ ඇඩිලේඞ්හිදී පැවැති ටෙස්ට් තරගයක් සඳහාද රෝස පැහැ පන්දුව යොදාගත්තේය.

“එය හැසිරෙන්නේ රතු පන්දුව වගේ නෙමෙයි. මා කියන්නේ පන්දුවේ දෝලනය සහ දැඩි බව සම්බන්ධයෙන්”
“ඒක ටිකක් මෘදුයි. ඒත් ඉක්මනින් ගමන් කරනවා. කොහොම වුණත් ඒකේ ආපිට දෝලනයක් බලාපෙරොත්තු වෙන්න බෑ. ඒත් රාත්‍රියේ පවතින ආලෝක තත්ත්වය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්” යයි රෝස පැහැ පන්දුවෙන් පළමු ටෙස්ට් පන්දුව යැවූ ඕස්ටේ්‍රලියානු වේග පන්දු යවන්නා වන මිචෙල් ස්ටාක් පැවසීය.

ශ්‍රී ලංකා ‘ඒ’ සහ කොදෙව් ‘ඒ’ පිල අතර පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරගාවලිය තරග 3 කින් සමන්විත වන නමුත් රෝස පැහැ පන්දුවෙන් පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තරගය පමණි. තරගාවලියේ ඉතිරි නිල නොවන තරග දෙකම රතු පැහැ පන්දුවෙන් පැවැත්වේ.

“රෝස පැහැ පන්දුවෙන් තරග කරන්නේ දිවා/රාත්‍රී පළමු පෙළ තරග සඳහා සූදානම් වීමටයි. එහිදී දර්ශන තිරය සුදු හෝ කළු පැහැයෙන් පවත්වා ගැනීම පිළිබඳ තීරණය සත්කාරක රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ගන්න පුළුවන්”

“ඒත් අපට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කළු පැහැ දර්ශන තිර තිබෙනවා. ඒ නිසා අපි පළමු තරගය විතරක් රෝස පැහැ පන්දුවෙන් ක්‍රීඩා කරනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

නිල නොවන ටෙස්ට් තරගාවලියක් සහ එක්දින තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල ලබන ඉරිදා (01 වැනිදා) ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතය. නිල නොවන ටෙස්ට් තරග තුන කොළඹ, පල්ලෙකැළේ සහ දඹුල්ලේදී පැවැත්වීමට නියමිතය. එක්දින තරග දඹුල්ලේදීත්, කුරුණෑගල සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.
තරග කාලසටහන

ඔක්තෝබර් : 4-7 - නි.නො. ටෙස්ට් තරගය - ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් : 11-14 - නි.නො. ටෙස්ට් තරගය - පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් : 18-21 - නි.නො. ටෙස්ට් තරගය - රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් : 24 - පළමු එක්දින තරගය - රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් : 27 - දෙවැනි එක්දින තරගය - කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් : 30 - තෙවැනි එක්දින තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.