‘ලංකා ප්‍රිමියර් ලීග්’ අගෝස්තු
- 2018-02-17 18:31:44
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විස්සයි-20 තරගාවලිය ලබන අගෝස්තුවේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ‘ලංකා ප්‍රිමියර් ලීග්’ යනුවෙන් හැඳින්වෙන මෙම තරගාවලියට විදේශීය ක්‍රීඩකයෝද සහභාගි වෙති. කණ්ඩායම් 6 ක් සහභාගි වන මෙම තරගාවලිය අගෝස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වේ.
සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී තරග 10 කට ක්‍රීඩා කළ යුතුවන අතර මෙම කාලය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික තරග වලින් නිදහස්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
2018 වසරේ සිට වසර පහක කාලයක් සඳහා අගෝස්තු මස තුන්වැනි සතියේ සිට සැප්තැම්බර් මස තුන්වැනි සතිය දක්වා සති හතරක කාලයක් ඇතුළතදී මෙම තරගාවලිය පැවැත්වීමට කාලය වෙන්කරගෙන ඇත. ඒ සඳහා ආසියානු කලාපයේ රටවල්ද කිහිපයක්ද එකඟ වී ඇති බවත් දැනගන්නට තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments