ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ඇන්ඩි මරේ
- 2016-11-08 11:57:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ටෙනිස් පිටියේ නොවැක් ජොකොවිච් ආධිපත්‍ය බිද දමමින් ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා බවට පත්වීමට බ්‍රිතාන්‍ය ඇන්ඩි මරේ සමත්විය. ඒ අනුව ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් 1973 වසරේදී හදුන්වාදීමෙන් පසුව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු එහි ප්‍රථම ස්ථානට පත්වූ පළමු අවස්ථාව ලෙසින්ද එය ඉතිහාසයට එක්විය.
මේ වසරේදී ඔලිම්පික් රන් පදක්කම, විම්බල්ඩන් ටෙනිස් ශූරතාව ජයග්‍රහණය කරමින් මරේ දැක්වූ දක්ෂතාව ඔහු ඉදිරියට පැමිණීමට මූලික හේතුවවිය. 2016 වසරේදී ටෙනිස් තරග ඉසව් 12කට එක්ව ඇති මරේ එහිදී අවස්ථා 11කදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ඇති අතර තරග 73ක් ජයග්‍රහණය කර තිබේ.
"මම කවදාවත් හිතුවෙන් නෑ මට ලෝකයේ අංක එක වෙන්න පුළුවන් වෙයි කියලා" යැයි සිය ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් මරේ පවසයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments