Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නියඟය හා ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ළමයින් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමට ආධාර ලබාදීමේ අරමුණින් අරමුදල් රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ලෝක කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක විස්සයි20 තරගයක් පැවැත්වීමට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. තරගය සැප්තැම්බර් 08 වැනිදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව අද (13දා) තහවුරු කළ අතර තරගය ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම ලෝක කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයන් මෙන්ම එම කණ්ඩායම් නියෝජනය කර ඇති ක්‍රීඩකයන් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

“තරගයට එක්වෙන ක්‍රීඩකයන්ගේ නම් ප්‍රසිද්ධ කිරීමට අපට හැකියාවක් නෑ. නියඟයෙන් හා ගංවතුරින් විපතට පත් ළමුන් වෙනුවෙන් ආධාර එක්කිරීමට මෙම තරගය පැවැත්වෙන්නේ. ඒ සඳහා අයි.සී.සී.යේ සහාය අපට ලැබුණා. ඉන්දියාවත් ඇතුළුව ලෝක කණ්ඩායම නියෝජනය කරන අනෙකුත් රටවල් හතේ ක්‍රීඩකයන් තරගාවලියට එක්වෙතැයි අපි අපෙක්ෂා කරනවා.”

“අපි තරගාවලියට එක්වන ක්‍රීඩකයන් පිළිබඳ අවසන් තීරණයක් ගන්නේ අනෙක් රටවල් සමග කතා කිරීමෙන් පසුවයි.  අවාසනාවකට කුමාර් සංගක්කාරට මේ තරගයට එක්වෙන්න බෑ. මොකද ඔහු විදෙස්  කණ්ඩායම් කිහිපයක් සමග ක්‍රීඩා කරනවා. මේ පිළිබඳ අපි මහේලටත් කතා කළා. ඔහුටත් යොදාගත් වැඩ තිබෙනවා. ඔහු පැවසුවේ තරගයට එන්න උපරිම ලෙස උත්සාහ කරන බවයි. හැකියාවක් තිබුණොත් ඔහු තරගයට එයි.”

කෙසේ වෙතත් තිලකරත්න ඩිල්ෂාන් මෙන්ම සනත් ජයසූරිය මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. තරගය හරහා උපයාගැනීමට අපේක්ෂා කරන ආධාර මුදල  රුපියල් මිලියන 35-40ක් පමණ වන බවද ඈෂ්ලිද සිල්වා මහතා පැවසීය.

නිරෝෂා ප්‍රියදර්ශනී

CRICKET-SRI-AUS

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.