ශ්‍රී ලංකා පිලට තියුණු ජයක් - වනිඳු හසරංගගේ ධෛර්යවන්ත පිතිහරඹයක්
- 2020-02-23 01:07:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තිසර පෙරේරා (32) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 38 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හසරංග, තිසරගේ දැවීයෑමෙන් අනතුරුව පසුපෙළ පිතිකරුවන් සමග එක්ව කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 22 කට මුහුණදුන් තිසර හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු රැස්කළේය.
කුසල් මෙන්ඩිස් (20), ඇන්ජලෝ මැතිව්ස් (5) සහ ධනංජය ද සිල්වා (18) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීයෑම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ කඩා වැටුණ. කෙසේ වුවත් සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිහරඹ රටාවෙන් මිදී තරමක් ඉවසිලිවන්ත පිතිහරඹයක නිතර වූ කුසල් පෙරේරා පන්දු 50 කදී ලකුණු 42 ක් රැස්කළේ හතරේ පහර 4 ක්ද සමගිනි.
නායක දිමුත් කරුණාරත්න (52) සහ අවිෂ්ක ප්‍රනාන්දු (50) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 108 කදී ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 57 කදී වාර්තා වූ දිමුත්ගේ 5 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත වූ අතර පන්දු 55 කදී වාර්තා වූ අවිෂ්කගේ තෙවැනි එක්දින අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 289 ක් ලබාගත්තේය. එහිදී සිය 8 වැනි එක්දින ශතකය ලබාගැනීමට ආරම්භක පිතිකරු ශායි හෝප් සමත් වූයේ පන්දු 140 කදී හතරේ පහර 10 ක් සමග ලකුණු 115 ක් රැස්කරමිනි.
ඩැරන් බ්‍රාවෝ (39) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හෝප්, ඉන් නොනැවතී රොස්ටන් චේස් (41) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 85 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
කොදෙව් ඉනිමේ 8 වැනි සහ 9 වැනි පිතිකරුවන් ලෙස පිටියට පිවිසි කීමෝ පෝල් (නොදැවී 32) සහ හේඞ්න් වෝල්ෂ් (නොදැවී 20) ඉනිමේ අවසන් පන්දු 20 තුළදී ලකුණු 49 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. පන්දු 17 කට මුහුණදුන් පෝල් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින්ද, පන්දු 8 කට මුහුණදුන් වෝල්ෂ් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින්ද ලකුණු රැස්කළහ.
බටහිර ඉන්දීය කොදෙව් පිල
ශායි හෝප් - ප.උදාන 115 (140)
සුනිල් ඇම්බ්‍රිස් - ප.තිසර 3 (10)
ඩැරන් බ්‍රාවෝ - දුවද්දී දැවී ගියා 30 (52)
රොස්ටන් චේස් - ප.ප්‍රදීප් 41 (45)
නිකලස් පූරන් - ඇ.දිමුත් ප.උදාන 11 (12)
කිරන් පොලාඞ් - ඇ.සඳකැන් ප.උදාන 9 (6)
ජේසන් හෝල්ඩර් - දුවද්දී දැවී ගියා 12 (10)
කීමෝ පෝල් - නොදැවී 32 (17)
හේඞ්න් වෝල්ෂ් - නොදැවී 20 (8)
අතිරේක 7
එකුතුව ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 289
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
අල්සාරි ජෝෂප් සහ ශෙල්ඩන් කොට්‍රල්
කඩුලු වැටීම :
1-10(ඇම්බ්‍රිස්), 2-87(බ්‍රාවෝ), 3-172(චේස්), 4-193(පූරන්), 5-207(පොලාඞ්), 6-230(හෝප්), 7-240(හෝල්ඩර්)
පන්දු යැවීම :
නුවන් ප්‍රදීප් 10-0-42-1, තිසර පෙරේරා 7-1-10-1, ඉසුරු උදාන 10-0-82-3, ඇන්ජලෝ මැතිව්ස් 3-0-17-0, ලක්ෂාන් සඳකැන් 7-0-42-0, වනිඳු හසරංග 10-2-47-0, ධනංජය ද සිල්වා 3-0-16-0
ශ්‍රී ලංකා පිල
අවිෂ්ක ප්‍රනාන්දු - ඇ.හෝප් ප.ජෝෂප් 50 (55)
දිමුත් කරුණාරත්න - ඇ.හොප්. ප.හෝල්ඩර් 52 (57)
කුසල් පෙරේරා - ඇ.බ්‍රාවෝ ප.පෝල් 42 (50)
කුසල් මෙන්ඩිස් - ඇ.ජෝෂප් ප.වෝල්ෂ් 20 (25)
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.හෝප් ප.ජෝෂප් 5 (4)
ධනංජය ද සිල්වා - ඇ.පෝල් ප.වෝල්ෂ් 18 (29)
තිසර පෙරේරා - ඇ.පවෙල් ප.ජෝෂප් 32 (22)
වනිඳු හසරංග - නොදැවී 42 (39)
ඉසුරු උදාන - ඇ.හෝප් ප.පෝල් 0 (6)
ලක්ෂාන් සඳකැන් - දුවද්දී දැවී ගියා 3 (9)
නුවන් ප්‍රදීප් - නොදැවී 0 (0)
අතිරේක 26
එකුතුව ඕවර 49.1 කදී කඩුලු 9 ක් දැවී 290
කඩුලු වැටීම :
1-111(දිමුත්), 2-121(අවිෂ්ක), 3-153(මෙන්ඩිස්), 4-168(මැතිවිස්), 5-201(ධනංජය), 6-215(කුසල් පෙරේරා), 7-253(තිසර), 8-262(උදාන), 9 -289(සඳකැන්)
පන්දු යැවීම :
ශෙල්ඩන් කොට්‍රල් 10-0-69-0, ජේසන් හෝල්ඩර් 10-0-44-1, කීමෝ පෝල් 8.1-0-48-2, අල්සාරි ජෝෂප් 10-0-42-3, රොස්ටන් චේස් 6-0-38-0, හේඞ්න් වෝල්ෂ් 5-0-38-2
(lankadeepa)
Reply To:
Name - Reply Comment
0 Comments