‘වලව සුපර් ක්‍රොස්’ තරගබිමේ විසිතුරු
- 2017-09-20 18:17:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2011 වසරේ සිට වාර්ෂිකව පවත්වන ‘වලව සුපර් ක්‍රොස්’ යතුරුපැදි හා මෝටර් රථ තරගාවලිය මෙවරත් උඩවලව ‘ක්‍රාෆ්ටිමන් ඔටෝඩ්‍රොම්’ ධාවන පථයේ දී පසුගිය සතිඅන්තයේ දී නිමාවට පත් විය. මෙවර තරගාවලිය සඳහා මෝටර් රථ ධාවන ඉසව් 12ක් හා යතුරුපැදි ධාවන ඉසව් 12ක් ඇතුළත්ව තිබුණ අතර, තියුණු තරගයකින් අනතුරුව යතුරුපැදි අංශයේ ශූරතාව ඉවෝන් භාග්‍ය ගුරුසිංහද, මෝටර් රථ අංශයේ ශූරතාව අශාන් සිල්වාද හිමිකර ගැනීමට සමත් වූහ.
‘සුපර් මෝටාඩ්‘ අංශයේ ශූරතා සුපුරුදු පරිදි ඉමාල් මංචනායක දිනාගත් අතර, යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ සුපිරි යතුරුපැදි ධාවක ‘ආනන්ද වෙඩිසිංහ’ කුසලානයද ඔහුට හිමි විය. එමෙන්ම තරග කිහිපයක ජය සුපිරි ධාවක ගයාන් සඳරුවන්ද දිනාගැනීම කාගෙත් අවධානය දිනාගත් සිදුවීමක්ද විය.
වයස අවුරුදු 10න් පහළ යතුරුපැදි ධාවන තරගයේ ජය හිමිවූයේ මිනුක රත්නායකටය. ඔහුගේ නිවුන් සහෝදරයා වූ රිවිනු රත්නායක එහි දෙවැනි තැනට පත් විය. කුෂාන් පීරිස්, බුද්ධික කසුන් සිල්වා, නීල් වීරසිංහ, නිසල් මලින්ද ජයසුන්දර, නිහාල් විජේරත්න, චාමික රණතුංග, අජිත් කිර්ති, විනුෂ්ක සිල්වා, කේ. පරමේෂ්වරන්, සානුක සඳරුවන්, උපුල්වන් සේරසිංහ, උද්දික ශ්‍රීමාල් සෙසු තරග ඉසව්වල ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වූහ. මෝටර් රථ ධාවන තරග ඉසව් තුනක ජයග්‍රහණ ඉශ්රාක් වහබ් ධාවකයා දිනාගැනීමද මෙවර තරගාවලියේ වූ තවත් සුවිශේෂිතම සිදුවීමක් විය.
ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සේවය කරමින් සිටිය දී රට දැය වෙනුවෙන් ජීවිත පූජා කළ සහ ආබාධිත තත්ත්වයේ පසුවන විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල හා දැනට සේවය කරන රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුලවල සුබසාධනය උදෙසාද මෙම තරගාවලිය පවත්වනු ලැබූ අතර, මෙම තරගාවලිය නැරඹීම සඳහා විශාල ක්‍රීඩාලෝලින් පිරිසක්ද පැමිණ සිටිනු දක්නට ලැබුණි.
තරග නරඹන්නන් වෙනුවෙන් ලොතරැයි දිනුම් ඇදීමක්ද සිදු කළ අතර, එහිදී ප්‍රවේශ පත් අංක 450198 වටිනා යතුරුපැදියක් ජයග්‍රහණය කර තිබුණි. ප්‍රවේශ පත් අංක 168178 දොර දෙකේ ශිතකරණයක්ද, ප්‍රවේශ පත් අංක 228462 රූපවාහිනි යන්ත්‍රයක්ද, ප්‍රවේශ පත් අංක 217082 රෙදි සෝදන යන්ත්‍රයක්ද, ප්‍රවේශ පත් අංක 124060 මයික්‍රෝ අවන් එකක්ද ජයග්‍රහණය කර තිබුණි. 0773 795156 – 0112 433924 දුරකථන අංක අමතා ලබාගත හැකිය.
ඡායාරූප- චානුක කුලසේකර
Reply To:
Name - Reply Comment
0 Comments