විරාට් කෝලි එක්දින පිතිකරුවන් අතර පෙරමුණට
- 2017-10-31 11:06:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව නැවතත් වරක් එක්දින පිතිකරුවන් අතර පෙරමුණට පැමිණීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි සමත්ව සිටියි.
නවසීලන්තයට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලියේදී ශතක 2 ක් සමගින් ලකුණු 263 ක් රැස්කළ කෝලි, මෙවර ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණියේ එතෙක් එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි දකුණු අප්‍රිකානු පිතිකරු ඒ. බී. ඩිවිලියස් දෙවැනි ස්ථානයට ඇද දමමිනි.
එම තරගාවලිය ආරම්භ වීමට පෙර විරාට් කෝලි, ශතක 30 ක් ලබා ඕස්ට්්‍රලියාවේ රිකි පොන්ටින් සමග වැඩිම එක්දින ශතක ලාභීන් අතර සම දෙවැනි ස්ථාන හිමි කරගෙන සිටියේය. එහෙත් තරගාවලියේ පළමු තරගයේදී සිය 31 වැනි ශතකය (121) ලබාගත් කෝලි තෙවැනි තරගයේදී 32 වැනි ශතකය (113) ලබාගනිමින් එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ තනි අයිතිය තමන් සතුකර ගත්තේය.
කෝලි මේ වන විට ශ්‍රේණිගත ලකුණු 889 ක් ලබා සිටින අතර එය ඔහු සිය ක්‍රීඩා දිවිය තුළ ලබාගත් වැඩිම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව මෙන්ම එදා මෙදා තුර ඉතිහාසයේ ඉන්දීය පිතිකරුවෙකු ලබාගත් වැඩිම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාවද වේ. සචින් ටෙන්ඩුල්කාර් 1998 වසරේදී ශ්‍රේණිගත ලකුණු 887 ක් හිමිකර ගනිමින් ඉන්දීය පිතිකරුවෙකු ලබාගත් වැඩිම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීවේය.
ඉන්දියා - නවසීලන්ත තෙවැනි එක්දින තරගයේදී ලකුණු 147 ක් ලබාගත් ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා, ශ්‍රේණිගත ලකුණු 799 ක් ලබාගනිමින් එක්දින පිතිකරුවන් අතර 7 වැනි ස්ථානයට පත්ව ඇති අතර එය ඔහු සිය ක්‍රීඩා දිවිය තුළ හිමිකරගත් ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාවද විය.
නවසීලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදී කඩුලු 6 ක් දවාගනිමින් එක්දින පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීත් බුම්රා සමත්ව සිටියි. එම තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහු ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානයේ පසුවිය.
පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ රැදී සිටින අතර ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී කඩුලු 9 ක් දවාගනිමින් ඔහු එම ලැයිස්තුවේ පෙරමුණට පැමිණියේය.
(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments