විස්සයි20 පළමු ත්‍රිත්ව ශතකය ඉන්දියානුවෙකුගෙන්
- 2017-02-09 11:09:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විස්සයි20 තරගයකදි ත්‍රිත්ව ශතයක් වාර්තා කළ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සමත්ව තිබේ. 21 හැවැරිදි මෝහිත් අලවට් නම් ක්‍රීඩකයෙකු මෙම දක්ෂතාව දක්වා ඇති අතර ඔහු පන්දු 72කදී ත්‍රිත්ව ශතකය සම්පූර්ණ කර තිබේ.
ඉන්දියාවේ පැවැති ෆ්‍රෙන්ඩ්ස් ප්‍රිමියර් ලීග පන්දුවාර විස්ස තරගයකදී ෆ්‍රෙන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව මාවි කණ්ඩායම වෙනුවෙන් මෝහිත් මෙම දක්ෂතාව දක්වා තිබේ. ඔහුගේ ඉනිමට හයේ පහර 39ක් හා හතරේ පහර 14ක් ඇතුළත් වී තිබේ. මෝහිත් නොදැවී ලකුණු 300ක් රැස්කර ඇති අතර ඒ හේතුවෙන් මාවි කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී ලකුණු 416ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ කඩුලු දෙකක් වැය කරමිනි.
මාවි කණ්ඩායමට පිළිතුරු ලෙස ෆ්‍රෙන්ඩ්ස් කණ්ඩායම ලකුණු 200ක් රැස්කර තිබේ. වෘත්තීමය විස්සයි20 ක්‍රිකට් තරග වලදී ඉහළම ලකුණු රැස්කළ ක්‍රීඩකයා ලෙස ක්‍රිස් ගේල් ඉතිහාසයට එක්ව තිබේ. ඔහු රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 175ක් රැස් කර තිබේ. ජාත්‍යන්තර තරග වලදී වැඩිම විස්සයි20 ලකණු ප්‍රමාණයක් රැස්කරගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ආරොන් ෆින්ච්ය ඔහු ලකුණු 156ක් එංගලන්තට එරෙහිව රැස්කර තිබේ.
මෝහිත්ගේ ඉනිමට පෙර විස්සයි20 තරගයකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා බවට ශ්‍රී ලංකාවේ ධනුක පතිරණ ඉතිහාසයට එක්ව තිබුණි. 2007 වසරේදී එංගලන්තයේ ලැන්කෂයර්හි පැවැති තරගයදගයකදී ඔහු ලකුණු 277ක් රැස්කර තිබුණේ පන්දු 72කිනි. ඔහුගේ ඉනිමට හසේ පහර 29ක් හා හතරේ පහර 18ක් වාර්තා වී තිබුණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments