වි-20 වේගවත්ම ශතකය ඩේවිඩ් මිලර්ගෙන්
- 2017-10-30 08:26:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පොචෙස්ට්‍රෝම්හි සෙනිව්ස් උද්‍යාන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී ලොව වේගවත්ම විස්සයි20 ශතකයේ වාර්තාව බිඳ හෙළීමට දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් (නොදැවී 101) සමත් විය. මිලර් වේගවත්ම විස්සයි20 ශතකයේ නව වාර්තාවට හිමිකම් කීවේ පන්දු 35 කදී ශතකයක් ලබාගනිමිනි. දැවැන්ත හයේ පහර 9 ක් සහ හතරේ පහර 7 ක්ද සමගින් ලබාගත් එම ශතකය මිලර්ගේ මංගල විස්සයි20 ශතකයද විය.
ඉනිමේ 5 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මිලර්, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් හෂීම් අම්ලා (85) සමග එක්ව පන්දු 40 කදී ලකුණු 79 ක සම්බන්ධතාවක්ද, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ෆර්හාන් බෙහාර්ඩීන් (නොදැවී 06) සමග එක්ව පන්දු 21 කදී ලකුණු 67 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 224 ක් දක්වා ඔසවා තැබීය.
මිලර් මෙම තරගයේදී බිඳ දැමුවේ දකුණු අප්‍රිකාවේම ක්‍රීඩකයෙක් වන රිචඞ් ලෙවී (නොදැවී 117) වසර 5 කට පෙර පන්දු 45 කදී ශතකයක් ලබාගනිමින් පිහිටුවා තිබූ වාර්තාවයි. 2012 වසරේදී නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හිදී පැවැති තරගයකදී ඔහු එම වාර්තාව පිහිටුවා තිබිණ.
(ලංකාදීප ඇසුරැනි)
Reply To:
Name - Reply Comment
0 Comments