ශ්‍රී ලංකාවේ මීළඟ පුහුණුකරු හතුරුසිංහ?
- 2017-11-21 15:23:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බංග්ලාදේශ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා අතර වාචික වශයෙන් එකඟතාවක් ඇතිවී තිබෙන බව ක්‍රික් ඉන්ෆෝ පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව තවත් දින කිහිපයකින් දෙපාර්ශ්වය අතර ගිවිසුම අත්සන් කරනු ඇති බවත් ඔවුන් සඳහන් කරයි.
චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය බාරගත හොත් පළමු තරගාවලිය වන්නේ බංග්ලාදේශය, ශ්‍රී ලංකාව හා සිම්බාබ්ව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තුන් කොන් එක්දින තරගාවලියයි. එය ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය.
පසුව ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර විස්සයි20 තරගාවලියක් පැවැත්වීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments