ශ්‍රී ලංකාව අවසන් තරගයට පැමිණෙයි
- 2018-01-25 16:29:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 10ක ජයක් ලබමිනි. මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 82ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11.5කදී ඉලක්කය පසුකර ගියේය. ධනුෂ්ක ගුණතිලක (35*) හා උපුල් තරංග (37*) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. අවසන් මහ තරගය සෙනසුරාදා (27දා) පැවැත්වීමට නියමිතය.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් බංග්ලාදේශ කණ්ඩායමකට එරෙහිව වැඩිම පන්දු ප්‍රමාණයක් ඉතිරිව තිබියදී ලබාගත් ජයග්‍රහණය ලෙසද වාර්තා අතරට එක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments