Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දකුණු අප්‍රිකාවේදි දකුණු අප්‍රිකානු කණ්ඩායමකට ඒරෙහිව පූර්ණ ටෙස්ට් තරග ජයක් වාර්තා කළ පළමු ආසියාතික රට ලෙස ඉතිහාසය අලුතින් ලියමින් වාර්තා ගත ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමිනි. සිවුවැනි ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 197ක ඉලක්කයක් හිමිවූ අතර කුසල් මෙන්ඩිස් (84), ඕෂධ ප්‍රනාන්දු (75) තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 163ක සබඳතාවක් පවත්විම්න තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු ලකුණු 222ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළේ ලකුණු 154ක් පමණි. නැවතත් දෙවැනි ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකාව ලකුණු 128කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.

තරගාවලියේ පළමු තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත්වූයේය. මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම නවක ක්‍රීඩකයන් සමගින් තරග කළ අතර දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකයා ලෙස පත්ව එක්වූ පළමු තරගාවලිය මෙය වෙයි.

තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන ලැබූ අතර තරගාවලියේ විරයා ලෙස කුසල් පෙරේරා සම්මාන ලැබිය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.