Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ කොළඹ අදියරේ මූලික වටයේදී චීනයට එරෙහිව ලකුණු 28-7 ක ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය ලැබීමට සුදර්ශන මුතුතන්ත්‍රීගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ජයග්‍රාහී ශ්‍රී ලංකා පිල තරගය පුරා ගෝල් 4 ක් වාර්තා කරද්දී චීනයට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් පමණි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරතවූ ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් 2ක් තැබීමට සමත්වූ අතර රීසා රෆායිඩීන් සහ රිචඞ් ධර්මපාල උත්සාහක දිනුම බැගින් තැබූහ. ඉන් උත්සාහක දිනුම් 3 ක්ම ගෝල බවට පත් කිරීමට තරින්ද රත්වත්ත සමත් වූයේය. අද උදෑසන ආරම්භ වූ මේ තරගාවලියේ මුහුණදුන් පළමු තරගයෙන් දකුණු කොරියාව හමුවේ ලකුණු 28-21 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 21-7 කින් පෙරමුණ ගත් දකුණු කොරියාව දෙවැනි භාගයේදී තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත්විය. ශ්‍රී ලංකා පිල දෙවැනි භාගයේදී ගෝල් දෙකක්ම වාර්තා කරමින් ජයග්‍රහණය උරගා බැලිමට දැඩි උත්සාහයක නිරතවූවත් එය ප්‍රමාණවත් වූයේ නැත. එම තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ජේසන් දිසානායක, ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් තැබීමට සමත්වූහ.

(ලංකාදීප ඇසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.