ශ්‍රී ලංකා ක්රීඩිකාවෝ පාකිස්තානය පරදවති
- 2017-07-16 14:04:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු හා එකම ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
ඒ පාකිස්තාන කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත්කරමිනි. පාකිස්තාන කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසියේ තරගාවලියේ ජයග්‍රහණයක් නොලැබූ කණ්ඩායම් දෙකක් වශයෙනි.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 221ක් රැස්කළේ කඩුලු හතක් වැය කරමිනි. සිය එක්දින දිවියේ ඉහළම ලකුණු ප්‍රමාණය රැස්කළ ඩිලානි මනෝදරා ලකුණු 84ක් රැස්කිරීමට සමත්විය.
ලකුණු 221ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට සියලුදෙනාම දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 206ක් පමනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් චන්දිමා ගුණරත්න ලකුණු 41ට කඩුලු 4ක් දවාගත්තාය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments