ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ මුහුණ දෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගය හෙට
- 2017-10-05 23:59:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර 35 ක සාඩම්බර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (6 වැනිදා) සිය මංගල දිවා/රාත්‍රී ටෙස්ට් තරගයට මුහුණ දීම සඳහා පිටියට පිවිසෙන්නේ දඟ පන්දු යවන්නන් කෙරේ මහත් බලාපොරොත්තු තබමිනි.
අබුඩාබිහිදී පැවති පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තානු පිලට එරෙහිව විස්මිත ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගිය රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා දෙදෙනාත් චයිනමන් පන්දු යවන්නකු වන ලක්ෂාන් සඳකැන් කෙරෙහිත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය බලාපොරොත්තු රඳවා තිබේ.
ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ළහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු ගමගේ
පාකිස්තානු සංචිතය
සර්ෆ්‍රාස් අහමඞ් (නායක), අසාර් අලි, ෂාන් මසූඞ්, සාමි අස්ලම්, බාබර් අසාම්, අසාඞ් ෂෆීක්, හාරිස් සොහෝල්, යසීර් ෂා, මොහොමඞ් අමීර්, හසන් අලි, මොහොමඞ් අබ්බාස්, උස්මන් සමිඋද්දීන්, මොහොමඞ් අස්ගර්, බිලාල් අසීෆ්, මීර් හම්සා සහ වහබ් රියාස්
වැඩි විස්තර ලංකාදීප කෙළිමඩලට පිවිසෙන්න
රෝස පන්දුව
වසර 35 ක සාඩම්බර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (6 වැනිදා) සිය මංගල දිවා/රාත්‍රී ටෙස්ට් තරගයට මුහුණ දීමට නියමිතය. ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයයි. ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා රතු පැහැති පන්දු යොදා ගනී.
දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා යොදා ගනුයේ රෝස පැහැති පන්දුය. රාත්‍රි කාලයේ රතු පන්දුව නිසි ලෙස දර්ශනය නොවීම එයට හේතුවයි. සුදු පැහැති පන්දු යොදා ගනු නොලබන්නේ ටෙස්ට් ක්‍රීඩකයන්ගේ ඇඳුම ද සුදු පැහැති වන නිසාය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි ආකර්ෂණයක් දිනා ගැනීමේ අරමුණින් 2015 වසරේ නොවැම්බර් මාසයේ ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියාවේ පැවැත්විණි.
Reply To:
Name - Reply Comment
0 Comments