Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාකිස්තානයට එරෙහිව ලාහෝර් නුවරදී මේ මස අවසානයේ පැවැත්වීමට නියමිත අවසන් විස්සයි20 තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයට යෑමට නොහැකි බවද සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක්‍රීඩකයන් රැසක් එම ලිපියට අත්සන් තබා ඇති අතර අවසන් විස්සයි20 තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයට යෑමට නොහැකි බවත්, එම තරගය පවත්වන ස්ථානය වෙනස් කරන ලෙසත් එම ලිපිය මගින් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

කෙසේ වුවත් ඉකුත් සැප්තැම්බර් මස පාකිස්තානය සහ ලෝක කණ්ඩායම අතර ලාහෝර් නුවරදී පැවැති විස්සයි20 තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එම ලිපියට අත්සන් තබා නැත.

“අපි ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි කැමති නෑ තරගාවලිය අතරතුර ඔවුන්ට බාධා කරන්න. ඒත් දැන් ඔවුන් සමග සාකච්ඡා කරනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ එම නිලධාරියා කියා සිටියේ ලාහෝර් නගරයේ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නියෝජිතයන් පිරිසක්ද ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හමුවීමට සූදානමින් සිටින බවයි.

2009 වසරේදී ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකින් අනතුරුව ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි හෝටලය කරා යෑමේදී ඔවුන් ගමන්ගත් බස් රථයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු පාකිස්තානයේදී අන්තර් ජාතික මට්ටමේ ක්‍රිකට් තරග නොපැවැත්විණ.

යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් විස්සයි20 තරගයට සහභාගි වීමෙන් වැලකී සිටියහෙත් ඒ සඳහා දෙවැනි පෙළ කණ්ඩායමක් යැවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමකින් සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

කෙසේවුවත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අනිද්දා (16 වැනිදා) ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමක් පැවැත්වෙන අතර එහිදී තරගය පැවැත්වෙන ස්ථානය වෙනස් කරනවාද, නැතහොත් එම තරගය සඳහා දෙවැනි පෙළ සහභාගි කරවනවාද යන්න තීරණය කෙරෙනු ඇත.

(ලංකාදීප ඇසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.