ශ්‍රී ලංකා තරගාවලියට ශකිබ් නෑ
- 2019-07-09 12:28:10
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
                                 
		බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් ශ්‍රී ලංකාව හා පැවැත්වෙන එක්දින තරග සංචාරයට සහභාගි නොවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
	 
		පසුගිය සමයේදී ඔහු අධික තරග ප්‍රමාණයකට සහභාගිවීම  හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විවේකයක් ඉල්ලා සිටීම මීට හේතුවයි.
	 
		බංග්ලාදේශයෙන් මේ දක්වා බිහිවූ දක්ෂතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ෂකිබ් මෙවර ලෝක කුසලානයේදී ලකුණු 606ක් රැස් කළේ 86.57 ක සාමාන්‍යයක් සහිතවය. ඊට අමතරව කඩුලු 11ක්ද ඔහු බිඳ හෙළීය.
	 
		මේ අතර බංග්ලාදේශ මැදපෙළ පිතිකරු ලිටන් දාස්ද මෙම තරගාවලියට සහභාගිවීම අවිනිශ්චිත වී ඇත්තේ ඔහුගේ විවාහ මංගල්‍යය එළඹෙන ජූලි 28 දාට යෙදී ඇති හෙයිනි.
	 
		එක්දින තරග තරග 03කින් පමණක් සමන්විත බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග ත්‍රිත්වය ජූලි 26 , 28 හා 31 යන දිනවලදී පැවැත්වේ. තරගාවලියේ සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.
	 
		 
		 
	
	
Reply To:
Name - Reply Comment
0 Comments