ශ්‍රී ලංකා නව දඟ පන්දු පුහුණුකරු මුෂ්ටාක් අහමඩ්?
- 2018-04-17 14:50:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මුසෂ්ටාක් අහමඩ් බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි ක්‍රික් ඉන්ෆෝ පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
මුෂ්ටාක් පාකිස්තාන කණ්ඩායමේ හා එංගලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙක් ලෙස සේවය කර ඇති අතර ඔහුද ශ්‍රී ලංකාවේ තනතුර පිළිබඳව අවධානය යොමුකර ඇතැයි වාර්තා වෙයි.
මීට අමතරව පන්දු රැකීමේ පුහුණුකරුවෙක් පිළිබඳවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර ඇත. හිටපු පන්දු රැකීමේ පුහුණුකරු මෙන්ම තාවකාලිකව ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු තළ නික් පෝතාස් සිය ධුරයෙන් ඉවත්විම හේතුවෙන් මෙම බඳවා ගැනීම සිදුකිරීමට නියමිතය.
නව තනතුරු දෙකම මාස දෙකක් ඇතුළත සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments