ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් ශූරතාව කුරුණෑගල ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයට
- 2018-08-06 09:57:21
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ශූරතාව කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට හිමිකර දෙමින් ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් ශූරතාව මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පෙරේදා (04දා) නිමාවට පත් විය.
පුරා දින තුනක් (02,03,04) පැවැති තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ කුරුණෑගල ශු. පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවෝ තරගාවලියේ පැවැති වයස් කාණ්ඩ 04න් තුනකම ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. එහිදී බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් 19න් පහළ අවසන් තරගයේදී කළුතර බාලිකා විදුහල ලකුණු 37-17ක් ලෙස පරදා ශූරතාව දිනා ගැනීමට කුරුණෑගල ශූ. පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහි තෙවැනි ස්ථානයට පැවැති තරගයෙන් දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විදුහල පරදා ලකුණු 30-11ක ජයක් වාර්තා කිරීමට කළුතර ශු. පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවෝ සමත් විය.
මේ අතර, තරගාවලියේ අනෙකුත් වයස් කාණ්ඩ ශූරයන් අතරින් 17න් පහළ ශූරතාව කොළඹ මියුසියස් (මහනුවර හිල්වුඩ් ලකුණු 30-19ක් ලෙස පරදා) විසින්ද, 15න් පහළ ශූරතාව කුරුණෑගල ශු. පවුලේ කන්‍යාරාමය (කළුතර බාලකා 18-12ක් ලෙස පරදා) විසින්ද, 13න් පහළ ශූරතාව කුරුණෑගල ශු. පවුලේ කන්‍යාරාමය (කළුතර ශු. පවුලේ කන්‍යාරාමය ලකුණු 11-06ක් ලෙස පරදා) හිමි කර ගත්තේය.
Reply To:
Name - Reply Comment
0 Comments