ශ්‍රී ලංකා පිල ලාහෝර් යැවීමේ තීරණය ස්ථිරයි
- 2017-10-18 12:23:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන අවසන් විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (16 වැනිදා) රාත්‍රියේ පැවැති විධායක කමිටු රැස්වීමකින් පසුව මෙම තීරණය ගනු ලැබ ඇත.
“මේක ක්‍රීඩකයන්ගේ කැමැත්ත අනුව ගන්න පුළුවන් තීරණයක් නෙමේ. මේක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණයක්”
“අපි විස්සයි-20 සංචිතය වෙනමම තෝරා ගන්නවා. ඊට පස්සේ ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක් දෙනවා තම තමන්ගේ ස්ථාවරය ගැන සිතා බලන්න. ඊට පස්සේ අපි අවසන් 15 දෙනා තෝරා ගන්නවා” යයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
පාකිස්තාන විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තේරීම් කමිටුව සඳහා හෙට (17 වැනිදා) දිනයේදී ක්‍රීඩකයන් 22 ගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට නියමිතය. ලබන 20 වැනිදා එම සංචිතය ක්‍රීඩකයන් 15 දෙනෙක් දක්වා අඩු කිරීමටද තේරීම් කමිටුව සූදානමින් සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද අවසන් විස්සයි20 තරගය සඳහා පාකිස්තානයට යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයද පාකිස්තානයට යෑම සඳහා කැමැත්ත පළ කර සිටි අතර ඒ සමගම ඇතැම් ක්‍රීඩකයන්ද එහි නොයා සිටීමට ගත් තීරණය වෙනස් කිරීමට පියවර ගෙන තිබුණ බවද වාර්තා වේ.
හෂාන් තිලකරත්න (පිතිහරඹ පුහුණුකරු), රුමේෂ් රත්නායක (වේග පන්දු යැවීමේ පුහුණුකරු), අසංක ගුරුසිංහ (කළමනාකරු) සහ නික් පොතාස් (ප්‍රධාන පුහුණුකරු) යන හිටපු ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් ශ්‍රී ලංකා පුහුණු කාර්යමණ්ඩලය සමන්විත වේ. ඔවුන් අවසන් විස්සයි20 තරගය සඳහා පාකිස්තානයට යෑමට කැමැත්ත පළ කර ඇත්තේ පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී අතර් මහතා ඒ පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුවය.
පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට තනි තනිවම ලිපි යොමුකරමින් සිය කැමැත්ත දැනුම්දී තිබේ.
මින් පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් තමන්ට අවසන් විස්සයි20 තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයට යෑමට නොහැකි බවත්, එම තරගය පවත්වන ස්ථානය වෙනස් කරන ලෙසත් දන්වා සිටියහ. කෙසේ වුවත් පුහුණුකරුවන් පාකිස්තානයට යෑම සඳහා කැමැත්ත පළ කිරීමත් සමග ක්‍රීඩකයන්ද සිය ස්ථාවරත්වය තරමක් වෙනස් කිරීමට තීරණය කර තිබේ.
අන්තර් ජාතික ක්‍රිකට් සභාව මේ වන විටත් පාකිස්තානයේ ආරක්ෂක විධි විධාන සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර තිබෙන අතර තව දුරටත් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා තරගය තීරකවරයකු සහ දූෂණ මර්ධන නිලධාරියෙක් පාකිස්තානයට පිටත්කර යවා තිබේ. මෙම විස්සයි-20 තරගය පාකිස්තානයේදී පැවැත්වීම සඳහා තරග නිලධාරීන් ලාහෝර් නුවර බලා එවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව සූදානමින් සිටී.
රාජ්‍ය අමුත්තෙකුට ලැබෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමට තමන් බලාපොරොත්තු වන බවට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ට සහතික වී තිබේ.
වසර 8 කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව පාකිස්තානයේදී අන්තර් ජාතික මට්ටමේ ක්‍රිකට් තරග නොපැවැත්විණ. මේ දක්වා ඔවුන් සිය තරග පැවැත්වීම සඳහා යොදාගනු ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණයි.
(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments