ශ්‍රී ලංකා යෞවනයෝ ටෙස්ට් ශූරතාව දිනයි
- 2019-01-15 13:26:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කමිල් මිෂාරගේ අගනා පිතිහරඹයත්, රොහාන් සංජගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක ඔස්ට්‍රේලියානු වයස 19න් පහළ කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර එකම යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 03ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම සමත් විය. මෙම තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පසුගියදා (12දා) අවසන් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 09ක් දැවී ලකුණු 269ක් රැස් කර ඉනිම අත්හිටවූ අතර, එහිදී කෝරී හන්ටර් (71) හා බැක්ස්ටර් හොල්ට් (60) අර්ධ ශතක ඉනිම් ගොඩනැගීමට සමත් වූහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක්වූ රොහාන් සංජය කඩුලු 05ක් (5/94) බිඳලීය.
මෙහිදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 08ක් දැවී ලකුණු 309ක් රැස් කිරීමට සමත් විය. අගනා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කමිල් මිෂාර ලකුණු 105කින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව හැඩ කළේය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජෙරොඩ් ෆ්‍රීමන් කඩුලු 03ක් (3/82) බිඳලීමට සමත් විය.
ලකුණු 40ක් පසුපසින් සිටිමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, එවර ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 151ක් පමණි. ජෙරොඩ් ෆ්‍රීමන් පමණක් පන්දුවට පිත්තෙන් දක්‍ෂතා දැක්වූ අතර, ඔහු නොදැවී 52ක් ඉනිමට එක් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සඳුන් මෙන්ඩිස් කඩුලු 04ක් (4/56) බිඳලීය.
ඒ අනුව පළමු ඉනිමේ ලද වාසියත් සමග ලකුණු 112ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම කඩුලු 07ක් දැවී සිය ඉලක්කය පසුකර යාමට සමත් විය. නායක නිපුන් ධනංජය ලකුණු 35ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළේය.
කෙසේ වෙතත් දෙරට අතර පැවැති තරග තුනකින් යුත් එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වූයේ සංචාරක ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමයි.
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 269/9 (පන්දුවාර 83.2)
කෝරී හන්ටර් 71, බැකස්ටර් හොල්ට් 60, ජෙරොඩ් ෆ්‍රීමන් 36, කීගන් ඕටස් 27, රොහාන් සංජය 5/94, රුවින් පීරිස් 2/40
ශ්‍රී ලංකාව පළමු ඉනිම 309/8 (පන්දුවාර 98)
කමිල් මිෂාර 105, මොහොමඩ් සමාස් 43, චමිඳු විජේසිංහ 39, තවීෂ අභිෂේක් 36, සඳුන් මෙන්ඩිස් 22, නිපුන් ධනංජය 20, ජෙරොඩ් ෆ්‍රීමන් 3/82, සක් එවන්ස් 2/57, තන්වීර් සංගා 2/61
ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම 151/10 (පන්දුවාර 58.3)
ජෙරොඩ් ෆ්‍රීමන් නොදැවී 52, තන්වීර් සංගා 25, ලච්ලන් හීරන් 23, සඳුන් මෙන්ඩිස් 4/56, රොහාන් සංජය 4/37
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම 114/7 (පන්දුවාර 19.4)
නිපුන් ධනංජය 35, මොහොමඩ් සමාස් 29, සක් එවන්ස් 2/19
Reply To:
Name - Reply Comment
0 Comments