ශ්‍රී ලංකා යෞවනයෝ තරගයක් දී පාකිස්ථානය හමුවේ පසුබසියි
- 2019-05-29 12:25:37
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාකිස්තාන යොවුන් (19න් පහළ) කණ්ඩායම හමුවේ දෙවැනි තරගයෙන් කඩුලු 03ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට ඊයේ(28දා) සිදුවිය.
පාකිස්ථානු යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවැනි තරගය ලෙසින් පැවැති මෙම තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදි පැවැත්විණ.
ලකුණු 221ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වූ පාකිස්තානු ක්‍රීඩකයෝ එ ලකුණු සංඛ්‍යාව හඹා ගියේ පන්දුවාර 49.5කදී කඩුලු 07ක් වැය කරමිනි.
කෙසේ වෙතත් පාකිස්තාන ඉනිම එක් අවස්ථාවකදී පන්දු වාර 18කදී එක් කඩුල්ලකට ලකුණු 93ක් ලෙසින් ප්‍රබල ස්ථාවරයක සනිටුහන් වෙද්දී අවසන් පන්දු වාරයේදී ලකුණු 08ක ඉලක්කයක් කරා ඔවුන් රැගෙන ඒමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙනේ. පන්දු යැවීමෙන් දිල්ෂාන් මධුෂංක හා නවෝද් පරණවිතාණ කඩුලු 2 බැගින් බිඳ හෙලීය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 220 ක් රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිමේ ඉදිරිපෙළ හා මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වද්දී හත්වැනි කඩුල්ලට ලකුණු 74ක සබඳතාවක් පැවැත්වීමට අවිශ්ක තරිඳු හා චමිඳු විජේසිංහ සමත් විය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අවිශ්ක තරිඳු ලකුණු 54ක් රැස් කළේය. ඉන් අනතුරුවද ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාව කරා රැගෙන ආ රොහාන් සංජය හා අශේන් ඩැනියෙල් නමවැනි කඩුල්ල සඳහා ලකුණු 69 ක නොබිඳුණු සබඳතාවක් එක් කළහ. රොහාන් සංජය නොදැවී ලකුණු 45ක් එහිදී රැස් කළහ. පන්දු යැවීමෙන් මොහොමඩ් ජුනයිඩ් හා අක්තාර් ෂා කඩුලු 2 බැගින් බිද හෙළීය.
තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මේ අනුව තරග 5 කින් සමන්විත පාකිස්ථානු යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සිටියි. තරගාවලියේ තෙවැනි තරගය අනිද්දා (31දා) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව 220/8 (පන්දුවාර 50)
අවිශ්ක තරිඳු 54 (80, 4x5), රොහාන් සංජය 45 (59, 4x4), චමිඳු විජේසිංහ 28 (54), අක්තාර් ෂා 2/32 (පන්දුවාර 7), මොහොමඩ් ජුනයිඩ් 2/39 (පන්දුවාර 10)
පාකිස්තානය 221/7 (පන්දුවාර 49.5)
රොහේල් නසීර් 87 (98, 4x7), හයිදර් අලි 56 (60, 4x6), මොහොමඩ් ජුනයිඩ් 29 (60), දිල්ෂාන් මධුෂ්ක 2/27 (පන්දුවාර 8), නවෝද් පරණවිතාණ 2/38 (පන්දුවාර 8)
Reply To:
Name - Reply Comment
0 Comments