ශ්‍රී ලංකා වාර්තා දෙකක් අලුත්වෙයි
- 2016-09-30 14:20:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමෙන්තුව එක්ව සංවිධානය කරනු ලබන 42 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ පළමු දිනය අදයි (30දා).
අද දිනයේ බිහිවූ පළමු ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට යගුලිය විසිකිරීම කාන්තා ඉසව්ව නියෝජනය කළ බස්නාහිර පළාතේ තාරිකා ප්‍රනාන්දු සමත් වූවාය. මීටර් 15.25ක දක්‍ෂතාවක් දක්වමින් ඇය මෙම වාර්තා පිහිටුවීය. ඇය විසින් බිඳලනු ලැබූවේ 2008 වසරේ බෙලිඅත්තේ පැවති ජාතික මහා ක්‍රීඩා උලෙළේදී මීටර් 14.88ක දක්‍ෂතාවක් දක්වමින් නදීකා මුතුනායක විසින් පිහිටුවා තිබූ වාර්තාවයි. මෙම ඉසව්වේ රිදී පදක්කම පී.ඒ. ප්‍රියංගිකා කුමාරි (මී. 11.88) විසින්ද, ලෝකඩ පදක්කම බස්නාහිර පළාතේ එෆ්. ශාමීයාහ් රිශාද් විසින්ද (මී. 11.46) විසින් දිනාගත්තාය.
තාරිකා ප්‍රනාන්දු
මීට අමතරව දිනයේ බිහිවූ දෙවැනි ශ්‍රී ලංකා වාර්තාව රිටි පැනීම කාන්තා ඉසව්ව නියෝජනය කළ උතුරු පළාතේ ජෙගනේෂ්වරන් අනීතා විසින් පිහිටුවනු ලැබුවාය. මීටර 3.41ක දක්‍ෂතාවක් දක්වමින් ඇය මෙම වාර්තාව පිහිටවූවාය. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ ඩබ්.ජී.එච්.එස්.කේ. ධර්මරත්න මෙම වසරේදී (2006) මීටර 3.34 දක්‍ෂතාවක් දක්වා තිබුණාය. මෙම ඉසව්වේ රිදී පදක්කම උතුරු මැද පළාතේ පී.එම්.ඒ.එච්. දිල්රුක්‍ෂි (මී. 3.10) විසින්ද, ලෝකඩ පදක්කම උතුරු පළාතේ ජේ. සුගීර්තා (මී. 3.10) විසින්ද දිනාගත්තාය.
ජෙගනේෂ්වරන් අනීතා
මීට අමතරව අද දිනයේ තරග ආරම්භ කරමින් පෙ.ව. 6.30ට ආරම්භ වූ මීටර 10000 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට මධ්‍යම පළාතේ ලයනල් සමරජීව සමත්විය. ඔහු විනාඩි 31.28.20 කාලයක් වාර්තා කළේය. එම ඉසව්වේ රිදී පදක්කම සබරගමුව පළාතේ පී.ඒ.එම්. මධුරංග (වි. 31.44.50) විසින්ද, ලෝකඩ පදක්කම ඌව පළාතේ කේ.ජී.ආර්.එස්. කුමාර (වි. 31.57.20) විසින්ද දිනාගත්තේය.
ලයනල් සමරජීව
දිනයේ දෙවැනි ඉසව්ව ලෙස පැවති මීටර 5000 කාන්තා ඉසව්වේ රන් පදක්කම සබරගමුව පළාතේ නිලානි රත්නායක (වි. 17.07.60) විසින් දිනාගත්තේය. එහි රිදී පදක්කම සබරගමුවේම ඒ.එන්.එල්. ආරියදාස (වි. 17.20.50) විසින්ද ලෝකඩ පදක්කම ඌව පළාතේ එස්.ඒ. ළමාහේවා (වි. 17.28.40) විසින්ද දිනාගත්තේය.
නිලානි රත්නායක
අද පැවති මිටිය විසිකිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දකුණු පළාතේ එම්.ආර්.එස්. කුමාර (මී. 46.49) විසින්ද, රිදී පදක්කම දකුණු පළාතේ කේ. නිලන්ත (මී. 46.43) විසින්ද දිනාගත් අතර, ලෝකඩ පදක්කම බස්නාහිර පළාතේ එල්.ඒ.ඩී.පී. අලෙන්සන් (මී. 45.40) විසින්ද දිනාගත්තේය.
(අද පුවත්පත )සංජීව ධර්මසේන / ඡායාරූප ඒශාන් ප්‍රනාන්දු
(යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේ සිට)
Reply To:
Name - Reply Comment
0 Comments