සංගාගේ වෑයම අපතේ යයි
- 2018-02-12 15:46:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හොං කොං හි පැවැති විස්සයි20 ලීග තරගාවලියේ ශූරතාවා හිමිකර ගැනීමට හුං හොම් කණ්ඩායම සමත්විය. ඒ ශ්‍රි ලංකාවේ කුමාර් සංගක්කාර නියෝජනය කළ ලැන්ටයූ කණ්ඩායම ලකුණු 6තින් පරාජයට පත්කරමිනි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් හුං හොම් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 7ට ලකුණු 200ක් රැස්කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා ක සංගක්කාර නියෝජනය කළ ලැන්ටලූ කණ්ඩායමට රැස්කළ හැකිවූයේ කඩුලු 4ට ලකුණු 194න් පමණි. සංගක්කාර පන්දු 47කදී ලකුණු 76ක් රැස්කිරිමට සමත්වුවත් එය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.
තරගාවලිය පුරාම ලකුණු අතර සිටි සංගක්කාර 14. 35, 92, 94* හා 76ක් ලෙස ලකුණු රැස්කිරීමට සමත්විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments