සංගාගේ සරේ කණ්ඩායමට පරාජයක්
- 2017-06-13 14:02:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර නියෝජනය කරන සරේ කණ්ඩායම හා එසෙක්ස් කණ්ඩායම අතර ඊයේ (12දා) නිමාවූ තරගයේදී එසෙක්ස් කණ්ඩායමට කඩුලු 8ක පහසු ජයක් හිමිවිය.
මෙවර තරගවාරයේ කැපී පෙනෙන දක්ෂතා දක්වන කුමාර් සංගකාර මෙම තරගයේදී ආසාර්ථක විය. ඔහු පළමු ඉනිමේදී ලකුණු 4කටත් දෙවැනි ඉනිමේදී ලකුණු 26කටත් දැවී ගියේය.
පසුගිය 9 දා ආරම්භ වූ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සරේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුනු 399ක් රැස්කිරීමට සමත්විය. එයට පිළිතුරු ලෙස එසෙකස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 435ක් රැස්කළේය.
නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සරේ කණ්ඩායම ලකුණු 288කට සීමා විය. තරගයේ ජයග්‍රහණය සඳහා එසෙක්ස් කණ්ඩායමට ලකුණු 235ක ඉලක්කයක් හිමිවූ අතර පන්දුවා 64.2කදී කඩුලු දෙක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට ඔවුහු සමත්වූහ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments