සංගාට තවත් සම්මානයක්
- 2016-09-28 15:04:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්තයේ ලන්ඩන් නුවරදී තෙවැනි වරටත් සංවිධානය කළ ආසියානු ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකා සුපිරි පිතිකරු හිටපු නායක කුමාර් සංගක්කාරට ලොව සම්භාවනාවට (Special Recognition Awards) පාත්‍ර වූ ක්‍රීඩකයාට හිමි විශේෂ සම්මානයක් ප්‍රදානය කෙරිණි.
ඕවල් හි පසුගියදා (23දා) පැවැති මෙම සම්මාන උලෙළ සංවිධානය කළේ ඉන්වෙන්ට්ව් ස්පෝර්ට්ස් ආයතනයයි. ඒ සඳහා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB), බී.බී.සී. ආසියානු මාධ්‍ය ජාලය (BBC Asian Network), සී ටීවී (Zee TV), ද ක්‍රිකටර් සඟරාව (The Cricketer Magazine), සරේ ක්‍රිකට් සමාජය (Surrey Cricket) යන ආයතනවලද සහාය හිමිව තිබුණි.
මෙම සම්මාන උලෙළ බ්‍රිතාන්‍ය හා ආසියානු දක්‍ෂයන් වෙනුවෙන් පමණක් පැවැති සම්මාන උලෙළක් වන අතර, කුමාර් සංගක්කාර, අසාර් මහමුද්, මොයින් අලී, රවී බොපාරා, සෝනියා ඔඩේඩ්‍රා, සබා නසීම්, අසාම් රියාඩ් එහි තානාපතිවරු ලෙස කටයුතු කළහ.
මෙහිදී වසරේ ක්‍රීඩකයා සම්මානය දිනා ගනු ලැබූවේ එංගලන්ත ක්‍රීඩක මොයින් අලී විසිනි. එමෙන්ම වෘත්තීය ක්‍රීඩකයා ලෙස එංගලන්ත කණ්ඩායමේ හා යෝක්‍ෂයර් ක්‍රීඩා සමාජයේ ආදිල් රෂීඩ් සම්මාන දිනාගත් අතර, වෘත්තීය තරුණ ක්‍රීඩකයා සම්මානය ලැන්කැෂයර් ක්‍රීඩා සමාජය නියෝජනය කළ හෂීබ් හමීඩ් දිනාගත්තේය. 19 හැවිරිදි හෂීබ් හමීඩ් එළැඹෙන එංගලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය සඳහාද තෝරාගත් ක්‍රීඩකයෙකි. සම්මාන උලෙළ සඳහා බ්‍රිතාන්‍යය හා ආසියාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් එක්ව සිටියහ. ad.lk
Reply To:
Name - Reply Comment
0 Comments