සත් සාමාජික කිරුළ මහනුවරට
- 2019-07-01 11:16:24
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනා ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය.
ඒ ඊයේ (30දා) පැවැති තරගාවලියේ කුසලාන අවසන් මහා තරගයේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ලකුණු 24-14කින් පරාජය කරමිනි. කණ්ඩායම් 16ක් සහභාගි වූ මෙම තරගාවලිය ඊයේ සහ පෙරේදා (29, 30) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණි.
මෙහි පළඟ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා 'ඒ' කණ්ඩායම සමත් වූයේ ගුවන් හමුදා %ඒ^ කණ්ඩායම පරදා ලකුණු 24-19ක ජයක් හිමිකර ගනිමිනි. පොලිස් 'බී' කණ්ඩායම මෙහි බඳුන ශූරතාව දිනා ගත්තේ එහි අවසන් තරගයේදී යුද හමුදා 'බී' කණ්ඩායම පරාජයට පත්කරමිනි.
මේ අතර, ගුවන් හමුදා 'බී' කණ්ඩායම විසින් තරගාවලියේ පළිහ ශූරතාව දිනා ගත්තේ මැලේ ක්‍රීඩා සමාජය ලකුණු 24-00ක් ලෙස පරාජයට පත් කරමිනි.
ඕෂිත වරකපිටිය/ ඡායාරූප - කිත්සිරි ද මෙල්
	
Reply To:
Name - Reply Comment
0 Comments