Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


යාපනය ”දොරේ අප්පා” පිටිය වැස්ස ඇදහැලීමෙන් මඩ වගුරක් බවට පත්වූවත් අලූත් පාසල් කීපයක් ඉදිරියට පැමිණි සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලියේ සමස්ත බාලක ශූරතාව කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල විසින් ද සමස්ත බාලිකා ශූරතාව වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල විසින් ද මෙවරත් දිනාගන්නා ලදී.
එහි විශේෂත්වය වූයේ පළමු වතාවට හඳුන්වා දුන් මිශ‍්‍ර සහාය දිවීමේ සමස්ත ශූරතාව ද වලල විදුහල විසින්ම දිනාගැනීමයි. වසර 2016 සිට මෙම තරගාවලිය මෙහෙයවීම ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයෙන් ඉවත්කර අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාගත් අතර එය යාපනයේදී සංවිධානය වූ පළමු වතාව ද මෙය වේ.
එහි ද විශේෂත්වය වූයේ එසේ පළමු වතාවට තරගාවලිය යාපනයේදී සංවිධානය කිරීමේදී ඊට වර්ෂාවෙන් බලපෑම් එල්ලවීමය. ඒ හේතුවෙන් තරගාවලියේ අවසන් භාගය වනවිට දොරේඅප්පා පිටියේ තණකොළ සහිත ධාවන පථය මඩවගුරක් බවට පත්වී තිබුණි. ඒ හේතුවෙන් ධාවන මංතීරු ප‍්‍රදේශ පවා වෙනස් කිරීමට සිදුවී තිබුණි. විශේෂයෙන්ම ලාබාල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දස්කම්වලට ද එයින් දැඩි බලපෑමක් එල්ල වූ බවත් පෙනුණි.
දිවයිනේ බාලක බාලිකා හා මැදි විදුහල් 302කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 4000ක් පමණ පසුගිය දින තුනක් පුරා ”දොරේ අප්පා” පිටියේදී තරග වැදුණු සහාය දිවීමේ ඉසව් ගණන 38කි.
 කෙසේ වුවත් පසුගිය දිනවල රටේ යළිත් ඇතැම් ප‍්‍රදේශවලට බලපෑ ආපදා හා ගංවතුර තත්ත්වයන් තුළ අයැදුම් කර තිබූ පාසල් 50කට ආසන්න ගණනකින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් යාපනයේ තරගාවලියට සහභාගි නොවූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදේශක (ශාරීරික අධ්‍යාපන හා ක‍්‍රීඩා) සුනිල් ජයවීර මහතා ”ලංකාදීප”ය කළ විමසුමකදී පැවැසීය.
ඒ අතර යාපනය ප‍්‍රදේශයේ පාසල් ගණනාවක් වෙති. වලල ඒ රත්නායක මැදි විදුහල මෙම සහාය දිවීමේ තරගාවලියේ වසර ගණනාවක් පුරා බාලිකා ශූරතාව හිමිකර ගැනීමට සමත්ව සිටියි. ඒ අතර කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල ද සමස්ත බාලක ශූරතාව රැුක ගැනීමට සමත්වීම කැපී පෙනේ.
වයස 12න් පහළ, 14න් පහළ, 16න් පහළ, 18න් පහළ හා 20න් පහළ පරිදි වයස් කාණ්ඩ පහකින් සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය මෙවර පැවැත්වෙද්දී නාවල ජනාධිපති බාලිකා විදුහල හා පන්නිපිටිය ධර්මපාල විදුහල ආදී පාසල් කීපයක් ඉසව් කීපයක් ජය ගනිමින් ඉදිරියට පැමිණීම කැපී පෙනේ.
මේ අතර වයස 18න් පහළ හා 20න් පහළ මීටර් 1500 බාලක හා බාලිකා, වයස 16න් පහළ මීටර 800 බාලක හා බාලිකා යන ඉසව් කීපයක් මෙවර තරගාවලියෙන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල ඇතුළු පාසල් කීපයකින් විරෝධය පළවී තිබේ.
මීට පෙර තරගාවලියේ පැවැති එම ඉසව් බහුතරයක ජයග‍්‍රහණ හිමිව ඇත්තේ වලල විදුහලටය. වසර 27ක් පුරා මෙරට පාසල් මලල ක‍්‍රීඩා පිටියේ අද්විතීය දස්කම් දක්වා වලල විදුහල වසර 27ක ඉතිහාසයක් ඇති මෙම තරගාවලිය පුරා බාලිකා සමස්ත ශූරතාව දිනාගැනීමට සමත්ව සිටියි.
එම සමස්ත ශූරතා හැරෙන්නට වයස් කාණ්ඩ බාලක හා බාලිකා ප‍්‍රදානය වූ අනුශූරතා ගණන 10කි. එහිදී සමස්ත බාලක ශූරතාව ලද බෙනඩික්ට් විදුහල එහිදී වයස 18න් පහළ බාලක ශූරතාව දිනා ගත්තේය. වලල ඒ රත්නායක මැදි විදුහල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමස්ත බාලිකා ශූරතාව දිනා ගැනීමේදී ඔවුන්ගේ අනුශූරතා එකතුව දෙකකි.
ඊයේ (10* පස්වරුවේදී තරගාවලියේ ජය සංකේත ප‍්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස මෙවරත් තරගාවලියට අනුග‍්‍රහය දැක්වූ නෙස්ලේ ලංකා (මයිලෝ නිෂ්පාදන) සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති බන්දුල එගොඩගේ මහතා සහභාගි විය. සමස්ත ලංකා සහාය දිවීමේ ශූරතාවලියේ සමස්ත ශූරතා තරග ප‍්‍රතිඵලය.
( බාලක:) ශූරතාව ) කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල (ලකුණු 83), අනුශූරතාව ) මීගමුව මාරිස්ටෙලා විදුහල (71), තෙවැනි ස්ථානය ) වලල ඒ රත්නායක මැදි විදුහල (60*
(බාලිකා:) ශූරතාව)  වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල (112), අනුශූරතාව) කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහ විදුහල (66), තෙවැනි  ස්ථානය) රත්නපුරය සුමන බාලිකා විදුහල (42)
(මිශ‍්‍ර ශූරතාව) ශූරතාව)  වලල ඒ රත්නායක මැදි විදුහල (172), අනුශූරතාව) කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහ විදුහල (79), තෙවැනි ස්ථානය) පන්නිපිටිය ධර්මපාල විදුහල (64)

A-Rathnayake-MMV-Walala-Overall-Mixed-Championsබාලිකා සමස්ත ශූරතාව යළිත් තහවුරු කරගත් වලල ඒ රත්නායක මැදි විදුහල් ක‍්‍රීඩිකාවෝ
St-Benedicts-College---Col-13-Overall-Boys-Championsබාලක සමස්ත ශූරතාව දිනාගත් කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල් කණ්ඩායම
(නාමල් පතිරගේ යාපනයේ සිට)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.