සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- 2017-10-03 11:09:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තිස් තුන්වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී නිල වශයෙන් අද (2 වැනිදා) ආරම්භ විය. එම අවස්ථාවට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරු රැසක්ද සහභාගි වූහ.
මෙම තරගාවලිය යටතේ අද සිට දින 14 ක් පුරා (15 වැනිදා දක්වා) ස්ථාන 42 කදී තරග පැවැත්වේ. ක්‍රීඩා උළෙලට ක්‍රීඩා ඉසව් 28 ක් සඳහා තරග පැවැත්වෙන අතර ඊට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 38,000 ක් පමණ සහභාගි වීමට නියමිතය. මෙවර ක්‍රීඩා උළෙලට වෙරළ වොලිබෝල් සහ රගර් යන ක්‍රීඩා අලුතින් එක් කිරීමට සංවිධායකයෝ පියවර ගෙන තිබේ.
බැඞ්මින්ටන්, චෙස්, දැල්පන්දු, පිහිනුම්, ඒරොබික් ජිම්නාස්ටික්, කරාටේ, කබඩි, කැරම්, ශාරීරික අභ්‍යාස, ත්‍රෝ බෝල්, මල්ලවපොර, අර්ධ මැරතන්, පාපන්දු, පැසිපන්දු, හොකී, ක්‍රිකට්, බර එසවීම, පාපැදි, ටයිකොන්ඩෝ, මලල ක්‍රීඩා, බොක්සිං, වොලිබෝල්, ජිම්නාස්ටික්, ජූඩෝ, මේසපන්දු, එල්ලේ, වෙරළ වොලිබෝල් සහ රගර් මෙවර ක්‍රීඩා උළෙලේදී පැවැත්වෙන ක්‍රීඩා 28 යි.
අද පැවැති සමාරම්භක උළෙල සඳහා පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 9000 ක් පමණ සහභාගි වූහ. බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් (පිහිනුම් ක්‍රීඩක) සහ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ හසිනි ප්‍රබෝධා (තුන් පිම්ම ක්‍රීඩිකා) ක්‍රීඩා උළෙලේ ගිණිසිළුව දල්වූහ. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රීඩා ප්‍රතිඥාව කියවන ලද්දේ කොළඹ විශාකා විදුහලේ දැල්පන්දු ක්‍රීඩිකාවන වන මෙලෝනි අමා විජේසිංහ විසිනි.
ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 15 වැනිදා දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments