Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය හෙට (11) දියගම ‘මහින්ද රාජපක්ෂ’ පිටියේ දී ආරම්භ වේ. මෙවර මලල ක‍්‍රීඩා ශූරතාවලිය ලබන ඉරිදා (15) දක්වා දින පහක් පුරා එහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ සඳහා දිවයිනේ පාසල් 700කින් සිසු සිසුවියෝ 5450 දෙනෙක් සහභාගි වෙති. මෙවර පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේ විශේෂත්වය වන්නේ ඒ සඳහා නව වයස් කාණ්ඩ හඳුන්වාදීමය. ඒ අනුව මෙතෙක් පැවති වයස 15 න් පහළ 17 න් පහළ, 21 න් පහළ හා 19 න් පහළ බාලක හා බාලිකා වයස් කාණ්ඩ තරග ඉසව් වෙනුවට අලුතින් වයස් කාණ්ඩ 5 ක් හඳුන්වාදී තිබේ.
වයස 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ, 20 න් පහළ බාලක හා බාලිකා ඉසව් 112 ක් ඒ අනුව මෙවර තරගාවලියට ඇතුළත් වේ. ඒ සඳහා සේවය ලබා දෙන මලල ක‍්‍රීඩා විනිසුරුවන් හා තීරකවරුන්ගේ ගණන 450 කි.
ජ්‍යෙෂ්ඨ  හා කනිෂ්ඨ යන ප‍්‍රධාන ශූරතා දෙකකින් සමන්විත වන අතර මෙවර මිශ‍්‍ර පාසල් ශූරතාවක් ද ප‍්‍රදානය කිරීමට නියමිතය. ඒ දිවයිනේ මධ්‍ය මහ විදුහල්හි මලල ක‍්‍රීඩා දක්ෂතා ඇගයීම සඳහාය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදේශක (ශාරීරික අධ්‍යාපන හා ක‍්‍රීඩා) සුනිල් ජයවීර, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (ශාරීරික අධ්‍යාපන, බාහිර ක‍්‍රියාකාරකම්)  කර්නල් මංජුල ප‍්‍රදීප් කාරියවසම් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම මලල ක‍්‍රීඩා තරගාවලියේ සංවිධාන කටයුතු සම්බන්ධිකරණය කෙරේ.
වයස් කාණ්ඩ වෙනස නිසා මෙවර සිට සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේ වාර්තා පොත සංශෝධනය වන අතර ඒ අනුව මෙවර තරගාවලියේ සියලූ ඉසව්හී ජයග‍්‍රහන නව වාර්තා ලෙස සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ඉතිහාසයට එක්වනු ඇත.
මෙවර තරගාවලියේ ඉසව්හි ජයග‍්‍රහන ලබන වසරේ තරගාවලියේ දී අභිබවා ගියේ නම් එතැන් සිට එය නව වාර්තාවක් ලෙස සැළකෙනු ඇත.
සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලේ ප‍්‍රධාන ක‍්‍රීඩා ඉසව්ව වන මලල ක‍්‍රීඩා තරගාවලිය ලබන ඉරිදා නිමාවට පත්වීමත් සමග පසුගිය ඔක්තෝම්බර් 2 වැනිදා ආරම්භ වූ මෙවර සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙල ද නිමාවට පත්වනු ඇත.
ලබන ඉරිදා පස්වරු 2.45ට මලල ක‍්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. ප‍්‍රධාන ආරාධිතයාගේ සම්ප‍්‍රාප්තියෙන් පසුව පස්වරු 3 සිට වයස 16න් පහළ හා 18න් පහළ මිටර 4X100 බාලක හා බාලිකා අවසන් තරග හයක් පැවැත්වීමෙන් පසුව මෙවර මලල ක‍්‍රීඩා තරගාවලිය නිමාව සිදුවේ.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, නියෝජය ඇමැති ඞී. රාධක‍්‍රිෂ්නන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙවර  සංවිධානය වූ සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ සමස්ත පාසල් සිසු සිසුවියන් ගණන 30,000 කට ආසන්නය. 
පැවැති මුළු ක‍්‍රීඩා ඉසව් ගණන 29 කි.
සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා උළෙලේ මේ දක්වා නොබිදී පැවැති පැරණිතම වාර්තාවට හිමිකම් කියන්නේ එවකට කොළඹ මෙතෝදිස්ත විදුහලේ සිසුවියක් වූ ටානියා වෑන්හියර් 1986 දී මීටර 200 වයස 17 න් පහළ බාලිකා ඉසව්වෙන් පිහිටු වූ නව වාර්තාවයි. ඒ තත්පර 27.04 කටය.
එවනිම පැරණිතම තරග වාර්තාවකට හිමිකම් කියන එවකට ඇලපාත මහ විදුහලේ සිසුවියක් වූ කුෂානි කුලරත්න 1986 තරගාවලියේදී මීටර 800 වයස 17 න් පහළ බාලිකා ඉසව්ව විනාඩි 2 තත්පර 13.49 කට එහි නව වාර්තාව පිහිටුවා තිබේ. 
1992 දී කොළඹ කාන්තා විදුහලේ දමයන්ති දර්ශා මීටර 100 (තත්පර 11.9* සහ මීටර 200 (තත්පර 23.77) පිහිටුවූ නව තරග වාර්තාවක් ද පැරණිතම තරග වාර්තා අතර කැපී පෙනේ. 
1998 තරගාවලියේදී මීටර 5000 බාලක වයස 21 න් පහළ ඉසව්වෙන් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ (විනාඩි 14 තත්පර 36.8) සහ චන්දිමාල් නිරෝෂන් 1992 තරගාවලියේදී තුන්පිම්ම (වයස 21 න් පහළ බාලක මීටර 15.57) තවත් පැරණි නොබිදී පැවැති තරග වාර්තා දෙකකි. 
එවකට අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ දිවුලපිටිය ඥානෝදය විදුහලේ ද, චන්දිමාල්, බද්දෙගම ක‍්‍රිස්තුදේව විදුහලේ ද, ඉගෙනුම ලැබූහ. 
සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා උළෙලට සහාය දිවීමේ ශූරතාවලියක් ද ඇතුළත් වේ.  

(නාමල් පතිරගේ- ලංකාදීප ඇසුරිනි)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.