Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශයේ සංවිධානයෙන් සහ නෙස්ටමෝල්ට් අනුග්‍රහයෙන් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා මාර්ග ධාවන තරග පසුගියදා (07දා) කුලියාපිටියේදී නිමාවට පත්විය. මෙම තරග අවුරුදු 15 - 20ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පමණක් විවෘත විය.

ආධුනික තරගය (කි.මී. 05) හා සමස්ත ලංකා තරගය (කි.මී. 15) ලෙස කොටස් දෙකක් යටතේ මෙම තරග පැවැති අතර, එහි කි.මී. 05 තරගය කුලියාපිටිය කාර්මික විද්‍යාල අසලින් ආරම්භ වී නාරම්මල මාර්ගයේ ගොස්, ලයනල් ජයතිලක මාර්ගය ඔස්සේ යළි නාරම්මල මාර්ගයට පිවිස නැවත කාර්මික විද්‍යාලය වෙත පිවිසීමෙන් අවසන් කෙරිණි. කි.මී. 15ක් තරගය කුලියාපිටිය කාර්මික විද්‍යාලය අසලින් ආරම්භ වී මාදම්පේ මාර්ගය ඔස්සේ ගොස් උඩුබද්දාවේ නාත්තණ්ඩියට පිවිසෙන මංසන්ධිය අසලින් ආපසු හැරී යළි එම මාර්ගයෙන්ම කාර්මික විද්‍යාලය වෙත පිවිස අවසන් කෙරිණි.

ඒ අනුව මෙහි කි.මී. 05 තරගයේ පිරිමි ප්‍රථම ස්ථානය අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයේ ආර්.එම්. කවීෂ ඉඳුවර දිනාගත් අතර, එහි බාලිකා ප්‍රථම ස්ථානය ගාල්ල සිරි ධම්ම විද්‍යාලයේ පී.එම්. ලක්මිණි දුලාංජලි දිනාගත්තාය. කි.මී. 15 පිරිමි ඉසව්ව අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයේ ජේ.එම්. එරංග මධුසංක නයනජිත් දිනාගත් අතර, එහි බාලික ශූරතාව කුලියාපිටිය ම.ම.විද්‍යාලයේ කේ.එම්. පාරමි වසන්ති දිනාගත්තාය.

නෙස්ටමෝල්ට් අනුග්‍රහයෙන් දශක තුනක් පුරා අඛණ්ඩව පැවැත්වෙන මෙම මාර්ග ධාවන තරගාවලිය සඳහා මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2400කට ආසන්න පිරිසක් සහභාගි වූහ.

ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ මංජුල කාරියවසම්, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඒ.එස්.කේ. ජයලත්, කුලියාපිටිය සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (ක්‍රීඩා) හේමන්ත ඉලංගකෝන්, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි, කුලියාපිටිය පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ, නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ජයග්‍රාහක ප්‍රතිඵල

කි.මී. 05 බාලක -

1. ආර්.එම්. කවීෂ ඉඳුවර (ජනාධිපති විද්‍යාලය, අඹගස්දෝව), 2. එම්. ලක්මාල් සංදීප වික්‍රමසිංහ (වෑකන්ද ම.වි.), 3. තිළිණ මධුෂාන් (වෑකන්ද ම.වි)

කි.මී. 05 බාලිකා -

1. පී.එම්. ලක්මිණි දුලාංජලී (සිරිධම්ම විද්‍යාලය, ගාල්ල), 2. එච්.ඒ. ගිත්මී සංජන (බණ්ඩාරනායක ම.වි., පයාගල), 3. වී. රිෂාන්ති ගවරවිල (දෙමළ ම.වි., හැටන්)

කි.මී. 15 බාලක -

1. ජේ.එම්. එරංග මධුසංක නයනජිත් (ජනාධිපති විද්‍යාලය, අඹගස්දෝව), 2. එච්.එම්. චාමින්ද නුවන් කුමාර (ජනාධිපති විද්‍යාලය, අඹගස්දෝව), 3. ජී.වී. කවිෂ්ක එරංග සිල්වා (බණ්ඩාරණායක ම.වි., පයාගල)

කි.මී. 15 බාලිකා -

1. කේ.එම්. පාරමි වසන්ති (කුලියාපිටිය ම.ම.වි.), 2. එච්.එම්.බී.ඒ. හේරත් (කුලියාපිටිය ම.ම.වි.), 3. 3 පී.ජී.එන්. දිල්රුක්‍ෂි සමරකෝන් (වැලිමඩ ම.වි.)

කුලියාපිටිය - චාමර විමලරත්න

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.