සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ දි අති විශිෂ්ට සම්මානය කොළඹ විශාඛා විදුහලට
- 2018-10-07 23:55:58
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ දි සියලුම ක්‍රීඩාවලින් අති විශිෂ්ට පාසල ලෙස කොළඹ විශාඛා විදුහල සම්මාන දිනා ගනියි. ලකුණු 145ක් ලබා ගනිමින් විශාඛා විදුහල විශිෂ්ට පාසල් ලෙස සම්මාන ලැබූහ. දෙවැනි ස්ථානය ලකුණු 140ක් ලබා ගනිමින් කොළඹ රාජකීය විදුහල සමත් වූහ. තෙවැනි ස්ථානයට පත්වූයේ කොළඹ ආනන්ද විදුහලයි ඒ ලකුණු 75ක් ලබා ගනිමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජය සංකේත ප්‍රදානය සිදු කෙරුණි.
සමාප්ති උළෙලේදී සියලුම ක්‍රීඩාවලින් ශ්‍රී ලංකාවේ අති විශිෂ්ට පාසල ලෙස ලකුණු 55 බැගින් ලබා සිවුවැනි ස්ථානයට කොළඹ කාන්තා විදුහල, සාන්ත ජෝෂප් විදුහල පත්වූහ. පස්වැනි ස්ථානයට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 50), හයවැනි ස්ථානයට මහනුවර මහමායා විදුහල (ලකුණු 45), හත්වැනි ස්ථානයට ලකුණු 40 බැගින් ලබාගත් මහනුවර සිල්වෙස්තර, අම්බලන්ගොඩ ධර්මාශෝක, රුවන්වැල්ල රාජසිංහ විදුහල් පත්වූහ.
තරගාවලියේ මලල ක්‍රීඩා අංශයෙන් ඉතිහාසයේ වැඩිම නව තරග වාර්තා බිහිවෙමින් වාර්තා 46ක් සටහන්වීම මෙවර කැපී පෙණුනි. දින 5ක් පුරා පැවැති මලල ක්‍රීඩා තරගාවලියේදී බාලක අංශයෙන් නව තරග වාර්තා 25ක් හා බාලිකා අංශයෙන් නව තරග වාර්තා 21ක් බිහිවිය.
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතා
ජ්‍යෙෂ්ඨ බාලිකා ශූරතාව - 1 - වලල ඒ රත්නායක විදුහල (ලකුණු 187), 2. රත්නපුර සුමන බාලිකා විදුහල (ලකුණු 80)
ජ්‍යෙෂ්ඨ බාලක ශූරතාව - 1 - සාන්ත පීතර් විදුහල (ලකුණු 165), 2. මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 88)
මිශ්‍ර පාසල් ශූරතාව - 1 - වලල ඒ රත්නායක විදුහල (ලකුණු 263), 2. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 71)
කනිෂ්ඨ බාලක ශූරතාව - 1 - රාජකීය විදුහල (ලකුණු 37), 2. අම්බලන්ගොඩ විද්‍යාවර්ධන විදුහල (ලකුණු 20)
කනිෂ්ඨ බාලික ශූරතාව - 1 - මියුසියස් විදුහල (ලකුණු 26), 2. ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 20)
ජ්‍යෙෂ්ඨ බාලක ශූරතාව - 1 - සාන්ත පීතර් විදුහල (ලකුණු 138), 2. මීගමුව මාරිස්ටෙලා විදිහල (ලකුණු 76)
ජ්‍යෙෂ්ඨ බාලිකා ශූරතාව - 1- වලල ඒ රත්නායක විදුහල (ලකුණු 141), 2. රත්නපුර සුමන බාලිකා විදුහල (ලකුණු 53)
12න් පහළ බාලක ශූරතාව
1 - කොළඹ රාජකීය විදුහල (ලකුණු 30), 2 - කොළඹ කේරී විදුහල (ලකුණු 10), 2 - නිවන්තක චේතිය විදුහල (ලකුණු 10), 2. අනුරාධපුරය අංගමුව ට්‍රැක් 07 (ලකුණු 10)
12 න් පහළ බාලිකා ශූරතාව
1 - මියුසියස් විදුහල (ලකුණු 26), 2 - හලාවත විජය කටුපොත මහා විදුහල (ලකුණු 17)
14න් පහළ බාලක ශූරතාව
1 - අම්බලන්ගොඩ විද්‍යාවර්ධන විදුහල (ලකුණු 20), 2 - සාන්ත පීතර් විදුහල (ලකුණු 17)
14න් පහළ බාලිකා ශූරතාව
1 - නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 20), 2 - බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය (ලකුණු 17)
16 න් පහළ බාලක ශූරතාව
1 - සාන්ත පීතර් විදුහල (ලකුණු 74), 2 - කොළඹ රාජකීය විදුහල (ලකුණු 33)
16 න් පහළ බාලිකා ශූරතාව
1 - කොළඹ බිෂොප් විදුහල (ලකුණු 32), 2 - රත්නපුර සුමන බාලිකා විදුහල (ලකුණු 25)
18 න් පහළ බාලක ශූරතාව
1 - සාන්ත පීතර් විදුහල (ලකුණු 34), 2 - මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 33)
18 න් පහළ බාලිකා ශූරතාව
1 - වලල ඒ රත්නායක විදුහල (ලකුණු 73), 2 - ගම්පහ සිරිකුරුස විදුහල (ලකුණු 35)
20 න් පහළ බාලක ශූරතාව
1 - සාන්ත පීතර් විදුහල (ලකුණු 57), 2 - මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 47)
20 න් පහළ බාලිකා ශූරතාව
1 - වලල ඒ රත්නායක විදුහල (ලකුණු 95), 2 - රත්නපුර සුමන බාලිකා විදුහල (ලකුණු 45)
(ඡයාරූප- අධ්‍යාපන අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය)
Reply To:
Name - Reply Comment
0 Comments