Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍යය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ශාඛාව මගින් වාර්ෂිකව සංවිධානය කරන 'සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ' සිවුවැනි දිනය වූ ඊයේ (16දා) දිනයේ දී තරග වාර්තා 03ක් අලුත් විය. ඒ අනුව සිවුදිනක් අවසනදී තරග වාර්තා 08ක් අලුත් කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්ව සිටිති.

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේ ඊයේ (16දා) අලුත්වූ තරග වාර්තා අතර, වයස 19න් පහළ දුර පැනීම කාන්තා ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවීමට ධර්මාශෝක විද්‍යාලයේ කේ.කේ. රිද්මා නිෂාදි සමත් වූවාය. සිය ඉසව්ව අවසන් කිරීම සඳහා ඇය මී. 5.85ක දක්‍ෂතාවක් දැක්වූ අතර, ඒ හේතුවෙන් මීටර 5.83 බැගින් දක්‍ෂතා දක්වා 1996 වසරේදී එන්.ජී. නයන්ති කුමාරි චන්ද්‍රසේන (ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමය - කොළඹ) හා අනෝමා සූරියආච්චි (සවුත්ලන්ඩ් විද්‍යාලය - ගාල්ල) පිහිටුවා තිබූ තරග වාර්තා බිඳවැටුණි.

මේ තරග බිහිවූ අනෙක් තරග වාර්තා ද්විත්වයම වයස 19න් පහළ කාන්තා හා පිරිමි තුන් පිම්ම ඉසව්වෙන් බිහිවිය. එහි පිරිමි ඉසව්වේ තමාගේම වාර්තාව අලුතිරීමට මීරිගම ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යලයේ චාමල් කුමාරසිරි සමත්විය. මෙවර ඔහු මීටර 15.52ක දක්‍ෂතාවක් දැක්වූ අතර, ඔහුගේ පෙර වාර්තාව පසුගිය වසරේදී (2015) මීටර 15.38ක් ලෙස පිහිටුවා තිබුණි.

මෙහි කාන්තා තරග වාර්තාව වෙන්නප්පුව ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ බී.එම්. හෂිනි ප්‍රබෝදා (මී. 12.66) විසින් පිහිට වූ අතර, මේ හේතුවෙන් 2014 වසරේදී එච්.ඩී. විදූෂා ලක්‍ෂානි (නිව්ස්ටඩ් බාලිකා විදයාලය - මීගමුව) මීටර 12.47ක දක්‍ෂතාවක් දක්වා පිහිටුවා තිබූ වාර්තාව බිඳවැටුණි.

මේ අතර තරගාවලියේ තෙවැනි දිනය වූ පෙරේදා (15දා) දිනයේදී නොකඩාව පස්වරක් රිටි පැනීම කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යාපනය මහජන විදුහලේ ජෙගදීෂ්වරන් අනීතා දැරූ උත්සාහය ව්‍යාර්ථ විය. කෙසේ නමුත් සිය ඉසව්ව අවසන් කිරීම සඳහා අනීතා, මීටර 3.30ක දක්‍ෂතාවක් දැක්වූ අතර, එය වයස 21න් පහළ පාසල් නව තරග වාර්තාවක් විය. ඒ හේතුවෙන් 2014 වසරේදී යාපනය අරුණෝදය විදුහලේ ඒ. පවිත්‍රා, මීටර 3.17කට පිහිටුවා තිබූ මෙතෙක් පැවැති වාර්තාව බිඳ වැටුණි.

රිටි පැනීම කාන්තා ඉසව්වේ වත්මන් ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරිය වන අනීතා, ඉකුත්දා යාපනය දොරයප්පාක ක්‍රීඩාංගණයේ පැවැති 42 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේදී මීටර 3.41ක දක්‍ෂතාවක් දැක්වීමට සමත්වූවාය.

මෙම වාර්තාවන්ට අමතරව වයස 15න් පහළ මීටර 100 කඩුලු පැනීම බාලක ඉසව්ව නියෝජනය කළ අනුරාධ ශ්‍රීමාල් (මහනුවර බෙරිවෝට්ස් විදුහල/තත්. 13.6), වයය 10න් පහළ බාලක මීරට 100 ඉසව්ව නියෝජනය කළ වයි.සී.එම්. සෝමසිංහ (කෑගල්ල ශාන්ත මරියා විදුහල/ තත්. 11.00), වයස 19න් පහළ දුර පැනීම බාලිකා ඉසව්ව නියෝජනය කළ රිද්මා නිෂාදි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල/මීටර 5.85) තරග වාර්තා අලුත්කිරීමට සමත්වූහ. අද (17දා) තරගාවලියේ අවසන් දිනයයි.

නි ෙරා්ෂා ප්‍රියදර්ශනි

01 2 3 4 5 6 7 8 9

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.