සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය නිමවෙයි
- 2016-10-18 11:11:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත බාලක ශූරතාව අඛණ්ඩව 07 වැනි වරටත් මීගමුව මාරිස්ටෙලා විදුහලත් (ලකුණු 100), සමස්ත බාලිකා ශූරතාව 14 වැනි වරටත් වලල එස්. රත්නායක විදුහලත් (ලකුණු 231) දිනාගනිමින් 32 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී ඊයේ (17දා) නිමාවට පත් විය.
තරගාවලියේ දක්‍ෂතම මලල ක්‍රීඩකයා ලෙස මීරිගම ඩී.එස්. සේනානායක විදුහලේ චමිල් කුමාරසිරි සම්මාන දිනාගත් අතර, වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ බී.එම්. හෂිනි පබෝදා දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
මෙවර තරගාවලියේදී වාර්තා 14ක් බිහි විය. තරගාවලියේ අවසන් දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.එම්. හලීම් මහතා සහභාගි විය.
තරගාවලිය අදියර 04කින් සමන්විත වූ අතර, ඉන් අදියර 03ක් යටතේ පැවැති මෙහි කණ්ඩායම් ක්‍රීඩා 27ක් උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වා අවසන් කර සිවුවැනි අදියර මහනුවරදී පැවැත්විණි. මේ සඳහා දිවයිනේ පළාත් මට්ටමින් දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් 2,684ක් හා ක්‍රීඩිකාවන් 2,437ක් වශයෙන් පාසල් 1452ක් නියෝජනය කරමින් තරගකරුවෝ ඉදිරිපත් වූහ.
ඉකුත් බ්‍රහස්පතින්දා (13දා) සිට දින පහක් පුරා තරගාවලිය පැවැත්විණ
ඕෂිත වරකපිටිය/ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ
Reply To:
Name - Reply Comment
0 Comments