සමස්ත ලංකා වුෂූ තරගාවලිය...!
- 2019-10-09 12:50:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර 27 ක් ඉතිහාසයකට උරැමකම් කියනු ලබන ශ්‍රී ලංකා පාසල් වුෂූ සංගමය සංවිධානය කල සමස්ත ලංකා පාසල් වූෂූ තරගාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඔක්තෝම්බර් (07, 08) මේ වනවිට පැවැත්වේ. මෙම තරගාවලිය සදහා පාසල් 126 ක් ඔස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කට ආසන්න ප්‍රමාණයක් තරග වදින අතර තරග ඉසව් 94 ක් ඔස්සේ තරග පැවැත්වේ.
මෙම උත්සවයේ සමාරම්භක අවස්ථාව සඳහා පාසල් වූෂු සංගමයේ සභාපති එම්.ආර්.ඩී.කේ.ගුණරත්න, ක්‍රීඩා අධ්‍යාපන අධ්‍යක්ෂ දයා බණ්ඩාර මහතා, මානෙල් ධර්මකිර්තී යන මහත්ම මහත්මිහු රුසක් සහභාගී වූහ. මෙම තරගාවලියේ සංවිධාන කටයුතු හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය විසින් සිදුකරනු ලබයි.
ඡායාරූප -රුෂිරු තරංග
Reply To:
Name - Reply Comment
0 Comments