ස්කොට්ලන්තයට පෙරළිකාර ජයක්
- 2018-06-11 14:38:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම වන එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් එක්දින තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම ඊයේ (10දා) සමත්විය.
ඒ ස්කොට්ලන්තයේ පැවැති එකම එක්දින තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ස්කොටලන්තය හිමිකර ගනිමිනි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 371/5 (පන්දුවාර 50) රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 365/10 (පන්දුවාර 48.5) ක් පමණි.
ස්කොට්ලන්තය වෙනුවෙන් සුපිරි පිතිකරණයක නිරත වූ ස්කොට් මැක්ලියොඩ් පන්දු 94කදී නොදැවී ලකුණු 140ක් රැස්කිරීමට සමත්විය. එංගලන්තය වෙනුවෙන්ද ආරම්භක පිතිකරු ජොනි බෙයාස්ටෝ පන්ද 59කදී ලකුණ් 105ක් රැස්කිරීමට සමත්වුවත් එය ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවුණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments