Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී පාදයේ කලව පිටුපස මස්පිඬු ආබාධයකට ලක්ව සිටි ළහිරු කුමාරට සති 05-06ත් අතර කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගන්නා ලෙස උපදෙස් ලැබී තිබේ.

ඒ අනුව ඔහුට එලැඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයද අහිමි වන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

පාදයේ කලව ආශ්‍රිත මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටි ළහිරු කුමාර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ඉනිමේදී පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ නැත. ළහිරු කුමාර වෙනුවෙන් දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සංචිතයට එක්වන ක්‍රීඩකයා පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොතිබුණි.

මේ අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී පාදයේ ආබාධයකට ලක්ව ඇති දුෂ්මන්ත චමීරට ලබන මස පළමු වැනිදා කැන්බරාහි මනුකා ඕවල් පිටියේදී ආරම්භ  වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය අහිමිව ඇතැයි වාර්තා වේ.

 එම තරගය අතරතුරදී පාදයේ ආබාධය හේතුවෙන් කිහිපවරක්ම පන්දු යැවීමෙන් වැළකී සිටි චමීර, පසුව ස්කෑන් පරීක්ෂණයකටද යොමු කර තිබේ. කෙසේ වෙතත් අප මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ජෙරී වවුටර්ස් මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ චමීරගේ තත්ත්වය ක්‍රීඩා කිරීමට තරම් සුදුසු මට්ටමක නොතිබුණු බවයි. එහෙත් තවත් පරීක්ෂණ කිහිපයකින් අනතුරුව ස්ථිරව ඔහු දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනවාද නැතිද යන්න පැවසිය හැකි බව සඳහන් කළේය.

චමීරට පළමු ටෙස්ට් තරගයේදී දවාගත හැකිවූයේ එක් කඩුල්ලක් (1/68) පමණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.